රන්බීර් -ආලියා දියණියට නම් තැබේ



පසුගිය කාලයේ බොලිවුඩයේ වැඩි අවධානය දිනා ගත්තේ ආලියා භාත් සහ රන්ධීර් කපූර්. සිය කුලුඳුල් දියණියගේ උපත සමඟ ඒ අවධානය තව තවත් වැඩි වුණා.  මේ වන විට ආලියා සහ රන්බීර් ඔවුන්ගේ බිළිඳු දියණිය හට  ’රාහා’ ලෙස නම් තබා තිබෙනවා. ඇයගේ පින්තූරයක් ආලියා විසින් ඇයගේ ඉන්ස්ටග්‍රම් ගිණුමට එක් කර සිටියේ බිළිඳීයගේ මිත්තණිය නීතු කපූර් විසින් රාහා නම යෝජනා කළ බව ද සඳහන් කරමින්.

රාහා යන නමට සුන්දර තේරුම් රැසක් ඇති බවද ආලියා පවසනවා. එහි ස්වහිලි බසින් ප්‍රධානතම අරුත නම් ’උතුම් මාර්ගය’ යන්නයි. සංස්කෘත බසින් 'ප්‍රීතිය', බංග්ලා බසින් ’නිවී සැනසිල්ල' යන අරුත ගෙන දෙනවා. අරාබි බසින් ’සාමය - සතුට යන අරුත වෙනවා. සිය දියණියගේ උපත වෙනුවෙන් ආලියා සිය ඉන්ස්ටග්‍රම් ගිණුමේ මෙසේ සටහන් කළා.

"රාහා ඔබ අපේ පවුලට ජීවය කැඳවීම ගැන ස්තුතිවන්න වෙනවා. ඔබ සමඟ අපගේ ජීවිත අදින් ඇරඹුණු බව දැනෙනවා."




Previous Post Next Post