එයා වගේ සැමියෙක් ලැබුණු නිසා අද මම සතුටින් - උමාරියා සිංහවංශ



 මෑත කාලයේ සංගීත ක්ෂේත්‍රය තුළ පෙරළිකාර කටහඬකට උරුමකම් කියපු දක්ෂ ගායිකාවක් තමයි උමාරියා සිංහවංශ කියන්නේ. උමාරියා විසින් ගායනා කරපු විවිධ ගීත අතරින් වස්සානයට අත වනනා,මන්ද පමා ආදී ගීත ද අතිශයෙන්ම ජනප්‍රියතාවයට පත් වුණා. ඉතින් මේ සුන්දර ගායිකාවගේ ආදරණීය අක්කා තමයි උමාරා සිංහවංශ කියන්නේ.

මේ දෙන්නම සංගීත ක්ෂේත්‍රයත් එක්ක අත්වැල් බැඳගත්තා දෙන්නෙක් වීම විශේෂත්වයක්. ඒ වගේම තමයි උමාරියා ජාත්‍යන්තර රියැලිටි වැඩසටහන් වලට අනුකූලව ශ්‍රී ලංකාවේ සැකසෙන රියලිටි වැඩසටහන් වල විනිසුරුවරියක් වශයෙනුත් කටයුතු කළා. ඉතින් මේ සුන්දර ගායිකාවට පසුගිය කාලසීමාව තුලදි විවිධ ආකාරයේ චෝදනා නිර්මාණය වෙනවා. නමුත් ඒ කිසිම දේකට ඇය සැලෙන්නේ නෑ ඒකට ප්‍රධානම හේතුව ඇය වටේ පවුරක් වගේ හිටපු ඒ ආදරණීයන් පිරිස.

උමාරියා විවාහ වෙන්නේ දිමිත්‍රි නැමැති කඩවසම් සුන්දර තරුණයෙක් සමග. ඔහු ප්‍රංශයේ ජීවත් වෙනවා කියලා තමයි මේ වන විට ආරංචි වෙන්නේ. ඒ වගේම ඇයටත් පුළුවන් හැකි සෑම අවස්ථාවකදීම ඔහුව බලන්න විදෙස්ගත වෙනවා. ඒ වගේම තමයි බොහෝ දෙනා අහලා තිබුනා පළමු විවාහයෙන් වෙන් වෙලා නැවත වතාවක් ඉක්මනටම විවාහයක් ගැන හිතුවේ ඇයි කියන දේ ගැන. ඒ සම්බන්ධයෙන් කලකට ඉහතදී උමාරියා පුවත්පතකට අදහස් ඉදිරිපත් කළේ මේ විදිහටයි.

“අපි දෙන්නට දෙන්නා හොඳින් දන්න නිසා අපි දෙන්නම හිතුවා අදහස් එක්ක ජීවිතේ ඉදිරි ගමනක් යන එක ඉක්මනටම හොඳයි කියලා. ඉක්මන් උනා කියලා මට හිතෙන්නෙ නෑ පාර්ශව දෙකෙන්ම දෙමවුපියන්ගේ කැමැත්ත පරිදි තමයි මේ විවාහය සිද්ධ වුණේ. විවාහ උත්සවයක් කියන දේ අඩබෙර ගහලා කරන දෙයක් නෙමෙයි ඒ නිසා අපිට ඕන වුණේ අපේ පවුලේ අය ළඟින්ම ඇසුරු කරන අය එක්ක ප්‍රංශ දිඋ විවාහ උත්සවය චාම්ව පවත්වන්න. මම ගායිකාවක් විදිහට ජනප්‍රිය වුණාට මේක මගේ පෞද්ගලික ජීවිතේ පෞද්ගලික ජීවිතයේ දේවල් ප්‍රසිද්ධියේ කතා කරන්න මම කැමති නැහැ”

ඉතින් ඇය ජීවිතය ගැන ඒ විදිහට අදහස් දක්වද්දී කලකට ඉහත දී පැවැත්වුණු ඇයගේ විවාහ උත්සවය වෙනස් විදිහකට පවත්වන්න ඕනෙ කියන දේ මුලින්ම උමාරියාගේ හිතට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම ඇය ලංකාව තුලත් විවාහ උත්සවයක් ගන්නවා ඒ සැමියා සහ සැමියාගේ ආදරණීය මවුපියන් ලංකාව තුළ ඉහළින් පිළි ගන්න ඕන වුණ නිසා කියලා ඇය සඳහන් කළා. ඇයගේ ජීවිතය ඇයට මුණ ගැසුණු කරුණාවන්ත ම ස්වාමිපුරුෂයා ඔහු කියලත් කුමාරයා සඳහන් කරනවා.

“මගේ ජීවිතයේ මට මුණගැහුණු කරුණාවන්ත ම කෙනා දිමිත්‍රී ඒ තරමට ඔහු හරිම කරුණාවන්තයි එයා වැදගත් පවුලකින් එන හොඳ ගුණ තියෙන යහපත් විදිහට හැදුණු කෙනෙක්. හරිම නිහතමානීයි. අපි දෙන්නගෙ චරිත බොහෝ තැන්වලදි ගොඩාක් සමීපයි දි මිත්‍ර කියන්නේ කවදාවත් කෙනෙකුගේ හිත රිදෙන්න කතා කරන කෙනෙක් නෙවෙයි. ඔහු විදෙස් රටක හැදුණත් හොඳ හැදියාවක් තියෙන කෙනෙක් ඒ වගේම ඔහු හරිම අවංක පුද්ගලයෙක් මම ඒ අවංකකම ට ගොඩක් ආදරෙයි. ඔහු ගැන මට වචනයෙන් කියලා නිම කරන්න බෑ දෙමව්පියන්ට ස්තූතියි ඔහු වගේ ගුණ යහපත් දරුවෙක් බිහි කරපු එකට.” ඒ විදියට අදහස් දක්වන උමාරියා අවසානයේ සඳහන් කළා ඔහුත් එක්ක විවාහ වෙන්න ලැබුණ එක ඇය ජීවිතයේ කරපු ලොකුම පිනක් කියලා.




 


Previous Post Next Post