මම බබාලට කිරි දෙනවා, රංගනයට සමුදුන්නෙ නෑ තවම - අමායා අධිකාරි

 


නිරූපන ක්ශේෂ්ත්‍රයෙන් කලාවට පිවිසි ඇය රංගනයෙන් දායක වුණු ‘සල්සපුනා’ ටෙලිනාට්‍යය ප්‍රේක්ෂකයන් අතර බෙහෙවින් ජනප්‍රිය වුණා. ඉතින් බ්‍රයිඩල් මොඩ්ල් නිරූපනය හරහා කලා ක්ශේෂ්ත්‍රයට ආපු ඇය අමායා අධිකාරි. අතුල අධිකාරි සමගින් විවාහ වෙලා හිටපු අමායා මේ වන විට හර්ෂ ධනෝෂ් සමගිනුයි විවාහ වෙලා ඉන්නේ.

අතුලගෙන් වෙන් වුණත් තවමත් එකගෙදර ඉන්න අමායා සමගින් හර්ෂ මේ වන විට ආදරණීය දෙමව්පියන්. එකට ඉදලා වෙන් වුනාට කිසිම හිතේ කහටක් නැති අමායාත් අතුලත් හොදම යාලුවන්. වෙන් වුනාම තරහ නොවී ඉන්න එක ගැන සමාජය විවිධ චෝදනා එල්ල කලත් ඔවුන් හරිම සතුටින් කල් ගෙවනවා. ඉතින් වැඩිය කලා ක්ශේෂ්ත්‍රය තුළ දකින්න නැති අමායා ඊට හේතුව මේ විදියටයි පුවත්පතකට අදහස් දක්වලා තිබුණේ.

මම රංගනයෙන් අයින් වෙලා නෑ. මගේ බබාලා තවම පොඩියි. දුව පොඩ්ඩක් ලොකුයි. පුතාල දෙන්නාම්ගෙ වයස් පරතරය අවුරුද්දයි. දෙන්නටම කිරිදෙනවා. ඒකයි වැඩිය නිර්මාණ හරහා දැක ගන්න නැත්තේ. හොද නිර්මාණයක් ලැබුණොත් බාර ගන්නවා. මෙගා නාට්‍යය වලට සමබන්ධ වෙන්න කැමතිනෑ.”

අමායගේ ඇගේ ටැටූ ගොඩක් තියෙනවා. ඉතින් ඇය ටැටූ ගහන්නේ පේන තැන් වලමයි. ඇය කියන්නේ පේන්න ගහන ටැටූ එක වහගෙන ඉන්න තැන්වල ගාලා වැඩක් නෑනේ කියලා. ඒ නිසා ඇයව නිර්මාණයකට බාර ගන්නකොට ඒ කෙනාට දෙපාරක් හිතන්න වෙනවා අමායව නිර්මාණයකට ගන්න කියලයි ඇය සදහන් කරන්නේ. ඉතින් අමායගේ පවුල් ජීවිතයට අපිත් සුබ පැතුම් ඉටු කරන්නෙමු.






Previous Post Next Post