හොදට කාලා බීලා ඉන්න අයට ඉරිසියා කරන්න එපා, මම වගේ සතුටු වෙන්න - පියුමි හංසමාලි

 


නිරූපන ශිල්පිනියක් විදියට කවුරුත් කතා බහ කරන ආදරය කරන සමාජ මාධ්‍ය තුල අංක එකට කතා බහට ලක් වෙන කෙනෙක් තමයි පියුමි හංසමාලී කියන්නේ. පියුමි හංසමාලි කිව්වම මේ වන විට නොදන්න කෙනෙක් නෑ. ඒ තරමට අපි කවුරුත් ආදරය කරන කෙනෙක් තමයි ඇය. කියන්න තියෙන දේ මූනටම කියන සතුන්ට ගොඩක් ආදරය කරන කෙනෙක් තමයි පියුමි කියන්නේ.


ඒ බව ඇගේ සමාජ මාධ්‍ය බලන ඕන කෙනෙක්ට තේරෙනවා පියුමි කියන්නේ සතුන්ට ආදරේ කරන කෙනෙක් කියලා. සමාජ මාධ්‍ය හරහා විවිධ කට කතාවට ලක් වුණු පියුමි පළමු සැමියාගෙන් වෙන්වෙලා පුතත් සමගින් තනිකඩ ජීවත් වුණු ඇය දැන්නම් නැවත විවාහයකට සූදානම් වෙනවා. සමාජයේ අසරණ මිනිසුන්ට උදව් කරන පියුමි රටටම හොද ආදර්ශයක්. ඉතින් ඇගේ පරා‍ර්ථකාමී අදහස් දක්වලා තිබුණේ මේ විදියටයි.


” හොදටම කාලා බීලා ජීවිතේ විදින, හොද වාහන වල යන කෙනෙක්ට ඉරිසියා කරන්න එපා. ඒ අය දැකලා සතුටු වෙන්න. මමත් එහෙමයි. ඉස්සර මම මගේ ඉන්ස්ටග්‍රෑම් එකෙන් සල්ලි හෙව්වා. දැන් මම කැමතියි අනිත් කට්ටියට ඒකෙන් උදව් කරන්න. ඔයාලා මොනව හරි බිස්නස් එකක් පටන් ගන්නවනම් මට කියන්න. මම මගේ ඉන්ස්ටග්‍රෑම් එකේ ඒක දාන්නම්. මට සල්ලි එපා.’’


මේ විදියටයි පියුමි හංසමාලී අපේ ආදරණීය නිරූපන ශිල්පිනිය ඇගේ අදහස් දක්වලා තිබුණේ. 





Previous Post Next Post