ඇය රංගනයට වගේම නිරූපණයටත් දක්ෂයි. ඒ වගේම රූපලාවණ්‍ය ශිල්පිනියක් විදිහටත් ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධයි. ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත කියලා කතාවක් තිබුණට ඇයට නම් ඒ කතාව අදාළ නෑ. මොකද ඇය එක දෙයකට විතරයි නෙවෙයි මුලින් කියපු විදිහට ගොඩාක් දේවල්වලට දක්ෂයි. ඇය තමයි කවුරුත් ආදරය කරන ඉනාවක් වගේ හිනාවක අයිතිකාරියක් වෙන සුදර්ශි ධර්මසිංහ හෙට්ටිආරච්චි. නමින් ඇයව නොදන්න ගොඩාක් අය ඒ හිනාවෙන් වගේම ඇගේ පෙනුමෙන් නම් ඇයව දන්නවා. මොකද ලංකාවේ ප්‍රසිද්ධ සිනමා නිර්මාණ සහ ටෙලි නාට්‍ය කීපයකටම පසුගිය කාලයේ ඇය රංගනයෙන් දායක වුණා. ඒත් මේ දිනවල නම් ඇය දකින්න ලැබෙන්නේ ටිකක් අඩුවෙන්.
මේ දවස්වල ජීවිතේ එහෙම කොහොමද?
මේ දවස්වල කලා කටයුතු කීපයක් වගේම මගේ ව්‍යාපාර කටයුතු නිසා කාර්ය බහුලයි. ඒත් එහෙමයි කියලා ජීවිතේ ඒ ඒ දේවල් එක්ක හිරකරගෙන නෑ. ඉතින් වැඩිපුර පේන්න නොහිටියත් වෙනදා වගේම මං සතුටින් ඉන්නවා.
ඔයා පුංචි කාලේ හීන දැක්කේ කවුරු වෙන්නද?
මං එක හීනයක් ඇතුළේ ජීවත්වුණු තරුණියක් නෙවෙයි. මට එක එක හීන තිබුණා. ජනප්‍රිය නිළියක් වෙන්න, මගේම සැලෝන් එකක් දාගන්න වගේ ලස්සන හීන ටිකක් මට ඒ කාලේ ඉඳන්ම තිබුණා. මේ වෙනකොට මං ඒ හැම හීනයකටම ඇවිත් තියෙනවා. ඒ ගැන ගොඩාක් සතුටුයි.
මේ වෙනකොට සුදර්ශි කියන්නේ වැඩ ගොඩක් කරන තරුණියක්?
මං වෙලාවකට රංගනයේ නියැළෙන තරුණියක්. තව වෙලාවකට නිරූපණයේ නියැළෙන තරුණියක්. තවත් වෙලාවකට රූපලාවණ්‍ය ශිල්පිනියක් විදිහටත් කටයුතු කරනවා. එතැනින් ගියාම රහට කේක් හදන පුංචි කේක් ව්‍යාපාරයකුත් දැන් කරගෙන යනවා.
පසුගිය කාලයේ රූපලාවණ්‍ය භාණ්ඩවල මිල ඉහළ ගියා…
මං මගේම ව්‍යාපාරයක් විදිහට රූපලාවණ්‍ය ක්ෂේත්‍රයට ඇවිත් දැන් අවුරුද්දක් වෙනවා. මුල් කාලෙදි නම් හොඳයි. ඒත් රටේ දැනට තියෙන ආර්ථික ප්‍රශ්නත් එක්ක ඒක රූපලාවණ්‍ය ක්ෂේත්‍රයට ලොකුවටම බලපෑවා. මේ වෙනකොට රූපලාවණ්‍ය භාණ්ඩ මිල ගොඩාක් ඉහළ ගිහින් තියෙනවා. ඒක නිසා දැන් සැලෝන් එකේ වැඩත් ටිකක් අඩුයි.
ඔබ ගොඩාක් ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිනියක් විදිහට. ලංකාවේ නිරූපණ ක්ෂේත්‍රය ගැන මොකද හිතෙන්නේ?
අලුතින් නිරූපණ ක්ෂේත්‍රයට එන සමහර තරුණියෝ එතැනට එන්නේ වැරදි පාරවල්වලින්. ඉතින් ඒ නිසා ලංකාවේ නිරූපණ ක්ෂේත්‍රය ගැන තියෙන්නේ එච්චර හොඳ චිත්‍රයක් නෙවෙයි. ඒ තත්ත්වය හරි පාරෙන් නිරූපණයට එන අයටත් එක්ක බලපාලා තියෙන්නේ. ඒකයි මොඩ්ලින් කියපු ගමන් අපේ රටේ ගොඩාක් අයගේ ඇස් උඩ යන්නේ. ඒත් ඇත්තටම මොඩ්ලින් කියන්නේ මං දන්න තරමින් ගෞරවනීය වෘත්තියක්. ජාත්‍යන්තරයේ ඒකට ඉහළ පිළිගැනීමක් තියෙනවා.
මෑතකදි අපි ඔබව අලුත් නිර්මාණයක් තුළින් දැක්කේ නෑ. රංගනයෙන් සමුඅරන්ද?
ආරාධනා නම් ගොඩාක් එනවා. ඒත් මං අම්බලන්ගොඩ, බටපොල නිසා කොළඹට එන්න තියෙන දුර ප්‍රශ්නයත් එක්ක ගොඩාක් අවස්ථා බාරගන්න වෙන්නේ නෑ. දැනට මං ‘ෆේස් ටු ෆේස්, කොළඹ සන්නිය, පෝරිසාදයෝ, ඇලඩින් සහ පුදුම පහන’ වගේ චිත්‍රපටවලට රංගනයෙන් දායක වෙලා තියෙනවා. ටෙලි නාට්‍ය කිහිපයකත් හිටියා. ගීත රූප රචනාවලටත් පෙනී ඉඳලා තියෙනවා.
පාසල් කාලේ සුදර්ශිකා කියන්නේ මොන වගේ චරිතයක්ද?
පාසල් කාලේ නම් මං හරි අහිංසක නිශ්ශබ්ද ළමයෙක්. ගොඩාක් වෙලාවට කාගෙවත් මූණ බලාගෙනවත් කතා කරන්නේ නෑ. හැබැයි ඒ කාලේ ඉඳන් මං කේක් හදන්න ආසයි. මං විෂයක් විදිහට ගෘහ විද්‍යාව කළා. ඒ හරහා කේක් හදලා පාසල් මට්ටමින් ජයග්‍රහණ පවා අරන් තියෙනවා. දැන් ඒක ව්‍යාපාරයක් විදිහට කරගෙන යනවා.
රහට කෑම හදන්න එහෙම පුළුවන් ඇති නේද?
මට රහට උයන්න පුළුවන්. ගොඩාක් අය කියනවා මං ඉව්වොත් ඉතින් ඒ ගැන ආයෙත් කියන්න දෙයක් නෑ කියලා. ඒ තරම් මගේ කෑම රසයිලු.
පෙනුම රැකගන්න මාසෙකට කොච්චර විතර වියදම් කරනවද?
එහෙම වියදම් කරන්නේ නෑ. ඒත් මං හැමවෙලේම ලස්සනට, පිරිසුදුවට, පිළිවෙළට ඉන්න ආසයි. මොකද තරුණියකට පෙනුම කියන්නේ ආභරණයක්. ඒ නිසා අඳින පලඳින තැන ඉඳන් මං පෙනුම ගැන ටිකක් වැඩිපුර බලනවා. ඒත් එහෙමයි කියලා දහස් ගණන් වියදම් කරන්නේ නම් නෑ.
ආදරේ ගැන එහෙම මොකද හිතෙන්නේ?
කවුරුත් කියන විදිහට ආදරේ කියන්නේ හරිම සුන්දර දෙයක්. ඒත් මං ඒකට එක දෙයක් එකතු කරන්න කැමතියි. ඒ තමයි ආදරේ ඒ කියන විදිහට සුන්දර වෙන්නේ හරි කෙනා ජීවිතේට ලැබුණොත් විතරයි. මේ වෙනකොට එහෙම කෙනෙක් මටත් ලැබිලා තියෙනවා. ඉතින් මගේ ජීවිතේ ඇතුළේ ආදරේ කියන දේ හරි සුන්දරයි කියලා බය නැතුව මට කියන්න පුළුවන්.
ජීවිතේ දිහා ආපහු හැරිලා බලද්දි අද ඉන්න තැන ගැන සතුටුද?
කියාගන්න බැරි තරම් සතුටුයි .වෙලාවකට මටම හිතෙනවා මේ මමද කියලා. මොකද මං මෙතැනට එන්න ගොඩාක් දුක් වින්දා. ගොඩාක් කටු කෑවා. මට මෙතැනට එන්න මල් පාරවල් තිබුණේ නෑ. ඒක නිසා අද ඉන්න තැන ගැන හරිම සතුටක් දැනෙනවා.
රුවන් එස්. සෙනෙවිරත්න