කෙවින් ස්මෝකියෝ කියන නම ඔබට ආගන්තුක නමක් වෙන්න බෑ.මෙරට රැප් ගායකයින් අතර ස්මෝකියෝ කියන නම ඉහළින්ම කියවෙන නමක්. කාමිණි, කොළඹ කැරැල්ල, මුඩුක්කුවෙන් එළියට, ලිය ලියා වැනි ගීත රැසක් හරහා රසික ආදරය සහ ආකර්ෂණය දිනූ තරුවක් ඔහු.ඔහු ගැන අපිට අහන්න ලැබුණෙ නම් සුබ පණිවිඩයක් නෙවෙයි.ජපානයේ සංචාරයක් අතරතුරදී ඔහු හදිසියේම රෝගාතුර වූ බවට වාර්තාවෙනවා.මේ ගැන ඔහුගේ පියා ද සටහනක් තබා තිබුණා. ඒ වගේම ඔහුට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කර සමාජ මාධ්‍යය පුරාම සටහන් දැකිය හැකිවුණා. අපිත් ඔහුට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු...
"මම අධ්‍යාත්මික චිත්ත ශක්තිය විශ්වාස කරන කෙනෙක්. ජපානයේ සංචාරය අතරතුර හදිසියේ රෝගාතුරව සිටින මගේ ලොකු පුතාට ඔයාලගෙ හදවතෙහි නිර්ව්‍යාජ ආශිර්වාදය ලබා දෙන්න...."