දැන් ජීවිතේ වැඩිම තැන බබාලා වෙනුවෙන් වෙන් කරන්න ඕනෑ - නෙහාරා පීරිස්

 


නෙහාරා - මේනක කැදැල්ල දැන් පුංචි කිරිල්ලියෝම දෙන්නෙක්ගෙන් හැඩවෙලා. ඒ තමයි මේලි - නෝරි සුරංගනාවියෝ දෙන්නා. ඉතින් දැන් දූවරුම දෙන්නෙක් ඉන්න නිසා වගකීමත් ටිකක් වැඩියිනෙ. දෙන්නගෙ වැඩත් එක්ක නෙහාරා කලාවෙන් දකින්න ලැබෙන ඉඩත් අඩුවෙයි ඉස්සරහට.මේ ඒ ගැන සති අන්ත පුවත්පතකට අදහස් දැක්වූ නෙහාරා...


"ටෙලි රංගනය පැත්තට සම්බන්ධ වෙන්න නම් ඉඩක් තියෙයිද කියලා කියන්න බැහැ. මොකද දැන් ජීවිතේ වැඩිම තැන බබාලා වෙනුවෙන් වෙන් කරන්න ඕනෑ.  ඒ නිසා ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා දීර්ඝව වැඩ කරන්න අමාරුයි. නමුත් නිවේදන ක්ෂේත්‍රයට සම්බන්ධ වෙයි ආරාධනා ලැබෙන විදියට. ඒ වගේම නර්තනය පැත්තෙන් ප්‍රසංගවලට සම්බන්ධ වෙයි. 

කලාව අතහරින්නේ නැහැ.මොකද නර්තනය මම ගොඩක්ම කැමැත්තක් දක්වන අංශයක්නෙ. නමුත් ඒ දේවල්වලට සම්බන්ධ වීමට පෙර මගේ බර කිලෝග්‍රෑම් 80 වෙලා තියෙනවා. පළවෙනි බබා ලැබෙද්දි කිලෝග්‍රෑම් 78යි තිබුණේ. ඉතින් මම උසෙනුත් අඩු නිසා මේ බර දරාගන්න මටම අපහසුයි. නමුත් බබා ලැබිලා සති 6ක් යනතුරු ව්‍යායාම් කරන්න බැහැ.  ඉතින් මම නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නෙ ව්‍යායාම් කරලා බර අඩු කරගෙන නැවත සුපුරුදු වැඩ කරගෙන ඉන්න..."





Previous Post Next Post