සමහර අයට ලොකු ප්‍රශ්නයක් තියෙනවා මගේ ඇග ගැන -චමත්කා ලක්මිණී



තමන්ට ලැබෙන චරිත වලට ඉහළ සාධාරණත්වයක් ඉෂ්ට කරමින් සෑම අවස්ථාවකදීම අභියෝගාත්මක චරිත නිරූපණය කරපු ආදරණීය කලාකාරිණියක් තමයි චමත්කා ලක්මිණී කියන්නේ. රංගන ශිල්පිනියක් වෙන්න කාලයෙන් ඇය නිරූපණ ශිල්පිණියක් විදිහට කලා ක්ෂේත්‍රයට ඇවිත් පළවෙනි සිනමා නිර්මාණයෙන් ම ම ආකර්ෂණය දිනා ගත්තු රංගන තාරකාවක් බවට පත්වුණා.


ඇය ගමන යන්නේ බොහොම පරිස්සමින් ඒ වගේම තමයි භාර ගන්නෙත් අභියෝගාත්මක චරිත. ඒ විතරක් නෙවෙයි චමත්කාට මේ චරිත වෙනුවෙන් සමාජයෙන් නොයෙකුත් චෝදනා විරුද්ධතා එල්ල වුණා. මොකද ඇය වැඩිහිටියන්ට පමණයි සිනමාපට වලට පමණයි බොහෝ අවස්ථාවන්වල දී සම්බන්ධ වුණේ. ඇය හුස්ම ටෙලි නාට්‍යය කරපු ඒ ආන්දෝලාත්මක චරිතය පිළිබඳ වත් ගොඩක් අය විවේචන වගේම හොඳත් කතා කළා. ඉතින් පෞද්ගලික ජීවිතයත් ඇය බොහොම සාර්ථකව ගත කරන කෙනෙක්. ඒ වගේම තමයි ආදරණීය පුතකුගේ මවක් වෙච්ච චමත්කාට කවද හරි දවසක පුතා ඇයි මේ වගේ චිත්‍රපටවල රඟපෑවේ කියලා ඇහුවොත් මොනවගේ පිළිතුරක්ද දෙන්නෙ කියපු අවස්ථාවක ඇය කිව්වේ මගේ පුතා හොඳට මේ දේවල් තේරුම් අරගෙන ඉන්න දරුවෙක් කියන දේ. 


කොහොම නමුත් අභියෝගාත්මක චරිත කරද්දි පවුලෙන් හොඳ සහයෝගයක් ලැබෙන්න ඕනි. ඇයටත් මොනවගේ සහයෝගයක් පවුලෙන් ලැබෙනවද කියලා අහපු අවස්ථාවක චමත්කා කිව්වේ ගෙදර ඉන්න අයගෙන්වත් ස්වාමිපුරුෂයාගෙන් වත් ඇයට කිසිම තහනමක් නැහැල්ලු. ඒ වගේම තමයි කලා ලෝකය තුළ කරන කියන වැඩ පිළිබඳව ඇය ගෙදර කාත් එක්කවත් කතා කරන්නේ නැහැලු. තීරණයක් අරගෙන අවසන් වුණාට පස්සේලු සියලුම දෙනාව දැනුවත් කරන්නේ.


ඒ විදිහට කලාව සහ පෞද්ගලික ජීවිතය ගතකරන ඇය බබා ලැබුනටත් පස්සේ හිටියටත් වඩා ලස්සන වෙලා හැඩ වෙලා කියලා තමයි ගොඩක් අය කිව්වේ. ඒ සම්බන්ධයෙන් අහපු අවස්ථාවක ඇය මේ වගේ උත්තරයක් ප්‍රේක්ෂකයන්ට දුන්නා.


“රහසක් නැහැ මම බොහොම පෝෂ දායක ආහාර ගත්තේ. බොහොම පොඩ්ඩයි කෑවෙ ලොකුවට ජිම් ගිහින් ඩයට් කළේ නැහැ. මොකද මම තාම මගේ දරුවට කිරි දෙනවා. පුතාට අවුරුද්දයි මාස දෙකක් වෙනවා මම හිතාගත්තා පුතා ඉල්ලනකම් පුතාට කිරි දෙනවා කියලා. සමහර අයට ලොකු ප්‍රශ්නයක් තියෙනවා මගේ ශරීරය සම්බන්ධයෙන්. ඒ අයට කියන්න තියෙන්නෙ මම දැන් කිරි දෙන අම්මා කෙනෙක්”

ඇය ඒ විදිහට තමයි සති අග පුවත් පතකට අදහස් ඉදිරිපත් කරලා තිබුණේ. ඉතින් තවත් බොහෝ කාලයක් ක්ෂේත්රය තුළින් අභියෝගාත්මක චරිත හරහා ප්‍රේක්ෂකයන් හමුවට එන්න ඇයට හැකියාව ලැබේවා කියා අපි ප්‍රාර්ථනා එක් කරන්නෙමු.





Previous Post Next Post