කේෂාන් වෙන කෙනකුට ආදරේ කරා 2018 දී අපි දික්කසාද වුණා - නිවේදිකා හර්ෂණි



 නිතරම සිරස ගුවන් විදුලියෙන් ඔබ අප හමුවට එන මේ සුන්දර නිවේදිකාව පිළිබඳව අද වෙද්දි බොහෝ දෙනෙක් දන්නවා. අපූරුවට කටහඬ හසුරුවන නිසාත් ලස්සන කටහඬකට ඇය උරුමකම් කියන නිසාත් බොහෝ දෙනෙක් හර්ෂණීට ආදරෙයි. ගුවන් විදුලියෙන් ඇයගේ කටහඬ ඇහුනා ට ගොඩක් අය දන්නෙ නෑ මේ හර්ෂණි ද කියන්න. ඉතින් අපි හිතුවා ඇයගේ ජීවිතයේ ඔබ මෙතෙක් නොඇසූ දැනගැනීමට ආසාවෙන් ඉන්න තොරතුරු කීපයක් පිළිබඳව සඳහන් කරන්න.


හර්ෂණි විවාහ වෙන්නේ මේ වෙද්දි ක්ෂේත්‍රයේ අතිශයින්ම දක්ෂ ජනප්‍රිය ගායකයෙක් විදියට ප්‍රසිද්ධ වෙච්ච පුද්ගලයෙක් එක්කයි. ඒ වෙන කවුරුත් නෙවෙයි බොහෝ දෙනෙක් ආදරේ කරන කේෂාන් ශෂීන්ද්‍ර. ඇය ඔහු සමඟ දීගෙක ගියත් මේ වන විට නම් මේ දිගට සමුදීලා ඇය තනිකඩ ජීවිතයක් ගත කරනවා කියන්න හර්ෂණි සඳහන් කළා. ඉතින් ඉතාමත් විවෘතව පවුල් ජීවිතය තුළ දී ඒ විදිහට වෙන් වෙන්න සිද්ධ වෙච්ච සිද්ධ වෙච්ච සිදුවීම පිළිබඳව ඇය එක්තරා පුවත්පතකට අදහස් ඉදිරිපත් කරලා තිබුණේ මේ විදියටයි. ඇය ප්‍රකාශ කර අදහස ඒ අයුරෙන්ම පහතින් උපුටා දක්වා ඇත.

“නිවේදනය නිසා තමයි මට ඔහුව මුණ ගැහුනේ. මගේ වැඩසටහනකට එයා ආවා ඒ තමයි කේෂාන් ශෂීන්ද්‍ර. ඊට පස්සේ එයා මට විවාහයට යෝජනා කළා මුලින්ම එයාට කැමැති වුණේ නැහැ එයා redical කෙනෙක් වගේ මම දැක්කේ. ඒත් කතාබහ කරාට පස්සේ එයා හොඳ කෙනෙක් කියලා තේරුණා සංගීතය නිසා එයා ජොබ් එකෙන් අයින් වෙලා එහෙම පසුබිමක එයා වගේ කෙනෙක් එක්ක විවාහ වෙනවාට ගෙදරින් අකමැති වුණා වුණා ඒත් මම ඔහු එක්ක විවාහ වුණා. කිසි දෙයක් බලාපොරොත්තු නොවී. අපි 2014දි විවාහ වුණා ඇතිවුණු ප්‍රශ්නයක 2018දී දික්කසාද වුණා. එයාට ඕනෙ වුණේ නැහැ ඩිවෝස් වෙන්න. ඒත් එයා වෙන කෙනෙකුට ආදරේ කරන්න පටන් අරන් මම ඔහුව ගොඩක් විශ්වාස කළා. “

ඒ විදිහට අදහස් දක්වන ඇය කියන්නේ ඔහුගේ සතුට දීලා ඒ සතුට බලාගෙන ඇය එතනින් අයින් වුණා කියලයි..ඒ වගේම ඔහුගේ ගතිගුණ වචනෙන් කියන්න බැරිතරම් හොඳයි කියලත් ඇය සඳහන් කළා.ඒ වගේම දෛවය මේක වෙන්නැති කියලා ඇය හිත හදාගෙන අද වෙද්දි ජීවත්වනවා. අදටත් කේෂාන්ගේ පවුලේ අය අයත් එක්ක හරිම හිතවත්ලු කිසිම තරහක් ඔවුන් අතර නැහැලු.

මේ වන විට හර්ෂණි ජීවිතය අලුතින් හිතන්න පටන් අරන් කියලා ඔන්න අපිට ආරංචි වුණා.ඇයත් අති දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකුට ආදරය කරනවා කියලා තමයි රාවය පැතිරුණේ. ඒ ගැන අහපුහම ය කීවේ ඒ දේවල් සිද්ධ වෙයිද නැද්ද කියන්න දන්නෙ නැති වුණාට ඇය ක්‍රිකට් තරුවකට ආදරේ කරනවා කියලයි.




Previous Post Next Post