දඟකාර කටකාර හැඩකාර තරුණියක් විදිහට කලා ලෝකයට පිවිසෙන ඇය බොහෝ දෙනෙක් දන්නා දිනිති වල්ගමගේ. පසුගිය දවස් කීපය පුරාවටම සමාජ මාධ්‍ය තුළ දිනිති වල්ගමගේ කියන චරිතය අතිශයින් ප්‍රසිද්ධ වුණා.එනිසාම ඇගේ නම ප්‍රේක්ෂකයන්ට හුරුපුරුදු නමක්. වෘත්තිමය වශයෙන් ගුවන් සේවිකාවක් වන ඇයට පුංචි කාලේ ඉඳන් හීනයක් තිබිලා තියෙනවා ලෝකයේ සුන්දර තැන් දකින්න ඒ සුන්දර තැන් වලට ගිහින් ඒ සුන්දරත්වය විඳින්න. ඇය විසින් රැකියාව විදියට තෝර ගත්තු ගුවන් සේවය නිසා අද වෙද්දි දිනිතිට ඒ හීනය බොහෝ දුරට සාර්ථක කරගන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඇය තමන් පුංචි කාලේ ඉඳන් ආස කරපු ඒ සුන්දර හීන ගැන කිව්වේ මේ වගේ කතාවක්.
“මට ඕනෙ වුනේ ලෝකය දකින්න සුන්දර තැන් බලන්න ඒවා විඳින්න තමයි මම පොඩි කාලෙම හීන දැක්කේ. මම මේ සොබාදහමට ආදරෙයි ඒ ස්වභාදහම විදින එක තමයි මගේ සතුට ඒ හැර රඟපාන්න වත් වෙන ජොබ් එකක් කරන්නවත් හීනයක් තිබ්බෙ නැහැ. අපේ හීන වලට යන්න නම් මුදල් ඕනේ ඒ නිසා මම වෘත්තිමය වශයෙන් ගුවන් සේවිකාවක් වෙන්න තීරණය කළා. ඉතින් ඒ හීනේ මගේ හීන වලට යන්න ගොඩක් උදව් වුණා”
වෘත්තිමය විදිහට ගුවන් සේවිකාවක් වන ඇය විනෝදාංශයට වගේ රංගන කටයුතුත් කරනවා ඒ වගේම තමයි ඇය ජනප්‍රිය නිවේදිකාවක්. මහන්සි වෙන්න ඕනෙ කාලේ මහන්සි වෙලා වැඩ කරන එක තමයි දිනිතිගෙ මූලිකම අරමුණ ඇය කාගෙන්වත් යැපෙන්න කැමැති කෙනෙක් නෙවෙයි ලු. කීප දෙනෙක්ගේ ආරාධනාව මත තමයි අද වෙද්දි ඇය රංගන ක්ෂේත්‍රයට ඇවිල්ලා තියෙන්නෙ රංගන ක්ෂේත්‍රයට ආපු දිනිතිට පහුගිය දවස්වල ආශාවරි නමැති සිනමා පටයට රංගනයෙන් දායක වෙන්න අවස්ථාව ලැබුණා. හැමෝම කියන්නේ ඇය හරිම පණ්ඩිතයි කියලා නමුත් ඇගේ ජීවිතය දිහා සමීපව බලද්දී ඇය හරිම නිහතමානී චරිතයක්. නිහඬවෙලා ජීවිතේ ගත කරන හැමදාමත් ඕනිම කෙනෙක්ට උදව් කරන්න සූදානම් ඇය ඒ ගැන කිව්වේ මේ වගේ කතාවක්.
“මම සාමාන්‍යයෙන් ලෝකෙට පේන්න පින් කරන්නේ නෑ මගේ හිතට එකඟව තමයි තව කෙනෙක්ට උදවු කරන්නෙ. මගේ අතට සල්ලි එන්න පටන් ගත්ත දවසෙ ඉඳලම මම එක එක අයට උදවු කළා.අදටත් හැම මාසෙකම දුප්පත් අහිංසක පවුලකට උදව් කරනවා. සමහර අය කියනවා මම මිනිහෙක්ට උදව්වක් වත් කරන්නැති ආඩම්බර කෙනෙක් කියලා එනිසා තමයි අපි කරන සමහර දේවල් social-media දාන්නේ ඒවා දකින තවත් පිරිසක් රැල්ලට හරි එක කරයි කියලා හිතලා”
දිනිති සති අග පුවත්පතකට ඇයගේ ජීවිතයේ ප්‍රේක්ෂකයන් නොදත් බොහෝ දේවල් පිළිබඳව අදහස් හුවමාරු කරගෙන තිබුණේ ඒ ආකාරයෙන්..