සමාජ මාධ්‍යයේ දැඩිව කතාබහට ලක්වුණු විවාහය ගැන, ගායක රහල් අල්විස් කියු දේ

 


ඉතාමත් ඉහළ ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනාගත් "සිතට හොරා මං" "හීනයක් ප්‍රේමයක්" වැනි ජනප්‍රිය ගී ගැයූ රහල් අල්විස් ගායන ශිල්පියා පසුගිය දිනෙක විවාහ දිවියට පිවිසුණා.  හැබැයි ඒ ආදර කතාව ගැන රහල් කාටවත් කියලා තිබුණේ නෑ. මේ කියන්න හදන්නෙ ඒ ගැන. රහල් එයාගේ ආදර කතාව, සඟරාවකට හෙළිදරව් කරලා තිබුණා.


"එයාව මට හම්බුණේ ප්‍රපෝසල් එකකින්. අපේ අම්මා තමයි මට එයාව හොයලා දුන්නේ. මාස 6ක් වගේ කාලයක් ඇතුළත ඉක්මණින් විවාහ ගිවිස ගත්තා. එයා ඉංජීනේරුවරියක්. එයා ඒකත් එක්ක වැඩ කටයුතු කරගෙන යනවා. මටත් සහයෝගය දක්වනවා. හොඳ තේරුම් ගැනීමක් තියෙනවා. ගොඩක් ඉවසීම තියෙනවා.."


ඩිජිටල් සඟරාවක් වන Trendthink Magazine සමඟ කළ සාකච්ඡාවක් ඇසුරිනි.





Previous Post Next Post