අහම්බෙන් වුණත් ඒ අවස්ථාව ලබන්න මම වාසනාවන්ත වුණා - නිත්‍යා දේවින්දි



ඇය නමින් නිත්‍යා. නිත්‍යා දේවින්දි. ඒ වුණාට මේ දවස්වල බොහෝ දෙනෙක් ඇයව අමතන්නෙ රුවිනි කියල. ඒකට හේතුව තමයි බොහෝ දෙනාගේ ප්‍රතිචාර මැද විකාශය වන පාරදිගේ ටෙලිනාට්‍යයේ නිත්‍යට හිමිවෙලා තියෙන චරිතය රුවිනි වීම. පසුගිය කාලයේ රේස් ගියාට වඩා මේ දවස් වල පාර දිගේ යන රුවිනිට ලැබෙන ප්‍රතිචාර වැඩියි කියලා හිතුණ නිසාම අපිත් ඇයව ඇමතුවා...


 ලැබෙන උණුසුම් ප්‍රතිචාර ගැන මොනවද හිතෙන්නෙ?


ඇත්තම කිව්වොත් මේ වෙද්දි මගේ ජීවිතයට සතුට වගේම වාසනාව කැඳවාගෙන ආපු චරිතය තමයි පාර දිගේ ටෙලි සිත්තමේ රුවිනි කියන්නෙ. ප්‍රවීණ පිටපත් රචකයෙකුගේ පිටපතකට අනුව දක්ෂතම අධ්‍යක්ෂවරයකු යටතේ නිර්මාණය වුණ පාර දිගේ ටෙලිනාට්‍ය මම සළකන්නේ මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය විදිහට.



ජනප්‍රිය වුණත් ඒ තුළ වැඩි වශයෙන් තියෙන ඇනුම් බැනුම්


නාට්‍යයේ හැටියට තමන්ගෙ නෑනත් එක්ක ටිකක්  ඇටෑක් වෙන චරිතයක් තමයි රුවිනි කියන්නෙ. එහෙම අයට ඉතින් කවුරුත් කැමැති නැහැනෙ. අන්න ඒ නිසා නාට්‍යය තමන්ගෙම කරගෙන නරඹන අයගෙන් හොඳයි කියන කමෙන්ට් එක මට ලැබෙන්නෙ නැහැ. හැබැයි මම චරිතයට සාධාරණයක් කරන නිසානෙ බැනුම් අහන කමෙන්ට් වුණත් වැඩියෙන් ලැබෙන්නෙ.


මේ විදිහට ආදරණීය චරිතයක් වුණ නිත්‍යා කොහොමද කලා  ක්ෂේත්‍රයට පය තියන්නෙ?


2019 අවුරුද්දෙ මම ගෙදර අයගේ වුවමනාවට දෙරණ අවුරුදු කුමරා කුමරිය තරගයට සහභාගි වුණා. ඒ කටයුතු වලට සම්බන්ධ වුණ හැමෝටම වගේ නාලිකාව මගින් දවල් කාලයේ විකාශය කිරීමට නිර්මාණය කළ අලුත් ටෙලි නාට්‍යවලට රංගනයෙන් දායක වෙන්න අවස්ථාව ලබා දුන්නා. ඒ අනුව නිර්මාණය වුණ මුතුලෙන්දොර නාට්‍යයේ  ්මාසඑසදබ එකට ගිහින් මාව එහි ප්‍රධාන චරිතය වූ නෙළුමිගේ චරිතයට තේරුණා.


මේ වෙනකොට නිර්මාණ කීයකට ඔබේ රංගන දායකත්වය ලබා දීල තියෙනවද?


ටෙලිනාට්‍ය විශාල ප්‍රමාණයකට සම්බන්ධ වෙන්න තරම් කාලයක් තවම ගත වෙලා නැහැ. ගෙදරින් මගේ හැකියාව තේරුම් අරගෙන මාව මේ ක්ෂේත්‍රයට යොමු කළාට මගේ හිතේ රංගනයට ලොකු උනන්දුවක් තිබුණෙ නැහැ. මුතුලෙන්දොර නාට්‍යයට පස්සෙ පාර දිගේ නාට්‍යය මට ලැබුණා. ඊට පස්සෙ තමයි රේස් නාට්‍යයේ රංගනයට ආරාධනා ලැබෙන්නෙ.


ඒත් අද ඔබ කතාබහට ලක්වන රංගන ශිල්පිනියක්


දැන් දැන් ඒක මට තේරෙනවා. මගතොටේදී හැමෝගෙම ඇගයීමට ආදරයට ලක්වෙනව. අන්න ඒ ප්‍රතිචාර තමයි අද දවසේ තව තවත් හොඳ චරිත හරහා ප්‍රේක්ශකයො අතර රැf​ඳන්න ඕන කියන උත්තේජනය මට ලැබෙන්නෙ.


කෙටි කාලයක් තුළ ටෙලි නාට්‍ය නිෂ්පාදකවරයෙකු ගේ බිරිඳ වෙනවා


ඔව්. ඔහු නමින් ගීතාංජන ද කොස්තා. මම ඔහුව හඳුනගත්තෙ ෑඩැබඑ දරට්බස‘ැර කෙනෙක් විදියට. ඒ කාලෙ ඔහු මට ඉවෙන්ට් කීපයකට ආරාධනා කරල තිබුණත් මොකක් හරි හේතුවක් නිසා ඒවට සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලැබුණෙ නැහැ. කොහොමහරි 2020 අවුරුද්දෙ පෙබරවාරි 14 වැනිදා ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් රාගම රණවිරු සෙවණේ පවත්වපු වැඩසටහනකට මම සම්බන්ධ වුණා. එදා දැන හඳුනගෙන ඇති වුණ මිතුදම ප්‍රේම සම්බන්ධයක් වෙලා මාස තුනක් ගතවෙන තැන අපි විවාහ වුණා.


කලාවට සම්බන්ධ චරිතයක් නිසා ඔබ ඔහුව ජීවන සහකරු ලෙස තෝරාගත්තා


නැහැ. ඒ වෙනකොටත් ඔහු ෑඩැබඑ චක්බබසබට ම තමයි කළේ. විවාහයෙන් පස්සේ තමයි ගීතාංජන ටෙලිනාට්‍යවලට සම්බන්ධ වුණේ.


අද ඔහුගේ අධ්‍යක්ෂණය තුළ ඔබ රංගනයෙන් දායක වීම අනිවාර්යයද?


අනේ නැහැ. මම ඔහුගේ නිර්මාණවල හිටිය. ඒත්  මම හැමතිස්සෙම කියන්නෙ තමන්ගෙ නිර්මාණයක් සාර්ථක වෙන්න නම් වැඩේට දක්ෂ කෙනා මිසක් ගෙදර අය රඟපෑවට හරියන්නෙ නෑ කියලයි.


එකම ක්ෂේත්‍රයේ කෙනෙක් සමග ජීවත් වීමට ලැබීම ගැන මොකද හිතෙන්නෙ?


ඇත්තටම කිව්වොත් රංගන ක්ෂේත්‍රයේ නියැළෙද්දී ක්ෂේත්‍රය ගැන දන්න කියන අවබෝධයක් තියෙන කෙනෙක් එක්ක ජීවත් වෙන්න ලැබීම පහසුවක්. අහම්බෙන් වුණත් ඒ අවස්ථාව ලබන්න මම වාසනාවන්ත වුණා.


අනාගතේ දවසක


මෙන්න මෙහෙම විය යුතුමයි කියන දේවල් එදා වගේම අදත් මගේ හිතේ නැහැ. කවදහරි  දවසක හොඳම නිළිය ලෙස සම්මානයට පාත්‍ර වෙන්න තියෙනව නම් කියල මට හිතෙනවා.


ධම්මික හේවාවසම්





Previous Post Next Post