ඇය නමින් නර්මදා යාපා අබේවර්ධන.කලා හැකියාවන්ගෙන් මෙන්ම රූප ස්වභාවයෙන් ඉහළින්ම සිටින මෙම තරුණ කලාකාරිනිය මේ දිනවල හිරු ටී.වී. නාළිකාවේ විකාශය වන කොපි චැට් වැඩසටහන තුළින්ද අප හමුවට පැමිණෙනවා. ඒ වගේම ඇගේ පෙම්වත් කතා ප්‍රවෘත්තියත් දැන් කාටත් රහසක් නෙවෙයි.
කොහොම වුණත් ඇය ඇගේ විවාහය ගැන නම් සතිඅන්ත පුවත්පතකට කියා තිබුණේ මේ විදිහේ කතාවක්,
"නැවත විවාහ වෙන්න නම් කිසිම බලාපොරොත්තුවක් නැහැ. මම බොරු කියන්න අකමැතියි. මම සිංගල් නම් නැහැ. මට ආදරය කරන, මම ආදරය කරන, මගේ ජීවිතයේ දුක-සතුට බෙදාගනිමින් මාව තේරුම් ගන්න කෙනෙක් ජීවිතයේ ඉන්නවා."
නැවත විවාහ වීම ගැනත් නර්මදා වෙනස් ම විදිහේ කතාවක් කිව්වා.
"මෙහෙමයි. ජීවිතයේදී අපි හැමෝටම වැරැදීම් විය හැකියි. වැරැදුණා කියා පසුතැවෙමින් ඉන්න බැහැ සතුටින් ආදරණීය, හොඳ පවුල් ජීවිතයක් ගත කරන්න මමත් කැමතියි. ඉදිරියේදී සියල්ල සාර්ථක වේවි යැයි විශ්වාස කරනවා. ජීවිතයේදී කොළයකට පමණක් යටත් වන්න මට අවශ්‍ය නැහැ. පළමුව දෙදෙනා හොඳින් තේරුම් ගත යුතුයි. දැන් මම විතරක් නෙමෙයි මට දරුවෝ දෙදෙනෙක් සිටිනවා වගේම අපේ ජීවිතවලට එකතු වෙන කෙනා ගැනත් සිතිය යුතුයි. එනිසා නිසි අවබෝධයක් නැතිව තීරණ ගන්න බැහැ වගේම කිසි දේකට ඉක්මන් විය යුතුත් නැහැ."