මේ වෙද්දී 'මැණිකේ මගේ හිතේ' ගීතය ගැන යළි කතාබහක් ඇතිව තිබෙනවා. ඒ Thank God චිත්‍රපටය තිරගත වීමත් සමඟ. ‘මැණිකේ මගේ හිතේ‘ ගීතයේ හින්දි ගීතය ද මේ වෙද්දී අතිශය ජනප්‍රිය වී තිබෙනවා. එහි අයිතිය තියෙන්නේ ඉන්දියාවේ t t series එකට. කොහොම වුණත් අපේ රටේ නිර්මාණයක් මෙලෙස ඉන්දියානු සිනමාපටයකට යොදා ගැනීම අගය කළ යුතු වනවා. මේ කතාබහ ‘මැණිකේ මගේ හිතේ‘ ගීතයේ සංගීත අධ්‍යක්ෂක චමත් සංගීත් සමඟ.
චමත් කතාවට මුල පිරුවේම ගීතයේ ආරම්භය ගැන සිහිපත් කරමින්
මැණිකේ මගේ හිතේ ගීතය මෙරට තුළ නිර්මාණය වෙන්නේ මීට වසර 2කට පෙරයි. ගීතය ලිවුවේ දුලාන් ARX, මුල් ගැයුම සතිෂාන් එය නැරඹුම් වාර යූ-ටියුබ් මිලියන 10ක් වෙද්දී තමයි යොහානි එක්ක කවර් එක කරන්නේ. ඒක තමයි ලොවපුරා වයිරල් වුණේ. මට ‘මැණිකේ මගේ හිතේ‘ කියන සිංහල සින්දුවේ අයිතිය තාම තියෙනවා. එතකොට t series එක එක්ක ආව හින්දි වර්ෂන් එකේ මට අයිතියක් නැහැ. මොකද ඒ වර්ෂන් එක මම ඒ අයට විකුණලා තියෙන්නේ. ඒ නිසා ඒත් ඉන්දියාවේ භාෂාවෙන් පාවිච්චි කරන්න ඒ අයට පුළුවන්.
මේක මුළු ලංකාවටම ලැබුණු හොඳ අවස්ථාවක් විදියට තමයි මම දකින්නේ. හේතුව තමයි මෙවැනි අවස්ථාවක් මියුසික් හරහා ලංකාවට මීට පෙර ලැබිලා නැහැ. ලංකාව ගත්තම කට්ටිය දැනගෙන හිටියේ ක්‍රිකට්වලින්.
ග්ලෝබල් ටොප් චාට් එකක මිනිස්සු වැලඳ ගත්ත සින්දුවක් අපිට තිබ්බේ නැහැ. අනිත් එක අපේ රට වටේ තියෙන පොඩි රටවල පවා එහෙම සින්දු තියෙනවා. උදාහරණයක් විදියට ගත්තම නේපාලයේ පවා තියෙනවා ලෝකයම දන්නා සින්දුවක්. හැබැයි ලංකාවට කවදාවත් එහෙම සින්දුවක් තිබිලා නැහැ. දැනට තියෙන එකම සින්දුව මැණිකේ මගේ හිතේ. අපේ රටේ මියුසික් කරන අයට අලුතින් එන්න ඉන්න අයට මේක හොඳ අවස්ථාවක්. මේකෙන් ගේමක් ගහන්න පුළුවන් කියන සිතුවිල්ල හිතට දැනෙනවා. මේ හරහා ඉන්දියානු සිනමාව එක්ක වැඩ කරන්න ලැබුණු අවස්ථාවන් එක්ක බලද්දී ඉස්සරහට තව අයට හොඳ අවස්ථාවන් ලැබෙයි.
හැබැයි චමත්ගෙන් ඊට පස්සේ අපි නිර්මාණ දැක්කේ නැහැ මොකද මේ නිහැඬියාව
මම නිහඬ නැහැ. මම වැඩ කරනවා. නමුත් ඉන්දියන් ප්‍රඩක්ෂන් වලින් ගත්තම එන්න තිබ්බේ Thank God චිත්‍රපටය සහ තව ඉන්දියන් ලොකු ආටිස් කෙනෙක් එක්ක සින්දුවක් තියෙනවා. ඒක ගැන මට දැන්ම කියන්න බැහැ. ඒ කෙනා එක්ක වැඩ කරන්න ලැබෙනවා කියන එක පවා අපිට හිතාගන්නත් බැහැ. නමුත් මට ඔහු එක්ක ළඟින් ඉඳලා වැඩ කරන්න මට ලැබුණු අවස්ථාව නම් වෙනමම අත්දැකීමක්.
කොහොමද ඉන්දියානු කණ්ඩායම් සමඟ වැඩ කිරීම පහසුද?
ඉන්දියාවේ අය වැඩ කරද්දී හරියටම කතා කර ගන්නවා මේ සින්දුවේ අයිතිය කාටද තියෙන්නේ. එහෙම නැතුව මම වැඩක් කරලා මගේ පේමන්ට් එක ගන්න තැන් තැන්වල ගිහින් අඬන්න ඕනේ නැහැ. ඒ නිසා තමයි ඉන්දියාවේ මේ ක්ෂේත්රය ඉස්සරහට ඇවිත් තියෙන්නේ. ඇත්තටම මියුසික් කියන්නේ බිස්නස් එකක්. මේක ලොකු ඉන්ඩ්‍රස්ට්‍රි එකක්.
දිගටම ඉන්දියාව එක්ක වැඩි කාලයක් වැඩ කරන්නද කැමැත්ත?
මම ආසයි ඉන්දියාවේ වැඩ කරන්න. ඒ එක්කම මම ආස ලංකාවේ ඉන්න අය ඉන්දියාවට අරගෙන එන්න. ඒ නිසා තව අය කිහිප දෙනෙක්ට ඉන්දියාවේ අවස්ථාවන් ලබා දෙන්න පුළුවන් වුණොත් මම විශ්වාස කරනවා අපේ සංගීතය තුළින් ලොකු දෙයක් අපිට කරන්න පුළුවන් කියලා. කොච්චර ඉන්දියාවේ වැඩ කරත් මම ලංකාවේ වැඩ කරන එක නවත්තන්නේ නැහැ. මොන දේ වුණත් අංක එක ලංකාව අංක දෙක ඉන්දියාව. හැබැයි ලංකාවට පස්සේ ඉන්න ආසම තැන ඉන්දියාව.
Thank God චිත්‍රපටයෙන් පස්සේ සිනමා නිර්මාණයකට ඇරියුම් ලැබුණද?
බොලිවුඩ් කියන්නේ ලොකු තරගකාරිත්වයක් තියෙන ඉන්ඩ්‍රස්ට්‍රි එකක්. නමුත් මට අවස්ථාවක් ලැබුණා ඉන්දියාවේ ලෙජන්ඩ් කෙනෙක් වන මුකේෂ් බාත්ගේ අලුත් ෆිල්ම් එකේ වැඩ කරන්න. එහි සින්දු ගැන අපි මේ වෙද්දී කතාබහ කරගෙන යනවා. ඒකටත් එක්ක තමයි මම මෙහෙට ආවේ. මැණිකේ මගේ හිතෙන් Thank God චිත්‍රපටය ලැබුණා වගේ මේක තනිකරම ඔර්ජිනල් මම හදන සින්දු ඇතුළත් චිත්‍රපටයක්. Vishesh Films කියන නිෂ්පාදන ආයතනය තමයි මේ චිත්‍රපටය කරන්නේ. ඔවුන් එදා සිට අලුත් අයට අවස්ථාවන් දුන් අය. කරන් ජොහාර් වගේ අලුත් අය ගොඩ දෙනෙක් ක්ෂේත්රයට හඳුන්වා දුන්නේ ඔවුන්. ඒ අයගේ තමයි Aashiqui සහ Aashiqui 2 කියන චිත්‍රපට. Aashiqui 2 කියන්නේ සංගීතය එක්කම සම්පූර්ණ වූ චිත්රපටයක්නේ. ඉතින් මටත් අවස්ථාව ලැබුණා ඒ අය එක්ක වැඩක් කරන්න.
ඒ ඉන්දියානු සිනමාවෙන්නේ, ලංකාවේ සිනමාවෙන් ඇරියුම් ලැබුණේ නැද්ද?
ඇත්තම කතාව නම් මම මාරම ආසයි ලංකාවේ වැඩක් කරන්න. හැබැයි අද වනතුරු කවුරුත් මට කතා කරලා නැහැ. මෙහෙමයි ලංකාවේ සමහර ටෙලි නිර්මාණවලට සහ චිත්‍රපටවලට කතා කළා. නමුත් ඒවා මට සෙට් නැහැ. නිකම් කරන්නම් වාලේ නිර්මාණ කරලා වැඩක් නැහැනේ. ලංකාවෙන් අපිට පට්ටම සපෝට් එකක් ලැබුණා. ලංකාව අපිට මාර සපෝට් එකක් දුන්නා. හැබැයි මට ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි ලංකාව හරියටම අපෙන් වැඩක් ගත්තද කියන එක. හැමදාම අපිට රේඩියෝ, ටීවී, පුවත්පත් සහ සමාජ මාධ්‍යය තුළින් හොඳ සහයෝගයක් ලැබුණා. ඊට වඩා අපෙන් වැඩ ගන්න ඕනේ කියලයි මම හිතන්නේ.
මම ආයේ ඉන්දියාවට යනවා. තව බාර ගත්ත වැඩ ටිකක් තියෙනවා අවසන් කරන්න. අවසාන වශයෙන් කියන්න තියෙන එකම දේ ලංකාව මම අමතක කරන්නේ නැහැ. මට පුළුවන් උපරිම දේ මම ලංකාව වෙනුවෙන් සහ මියුසික් වෙනුවෙන් කරනවා. ලංකාවේ සින්දුවක් අත්හැරලා ඉන්දියාවට ඇවිත් සින්දු කරන්නේ නැහැ. අලුත්ම ආටිස් කෙනෙක් වුණත් මට කතා කරොත් මම ඒ කෙනාට සින්දුවක් කරනවා. මට ඒකට කිසිම දෙයක් ආදාළ නැහැ. අලුතින් එන හොඳ උනන්දුවක් ඇති කෙනෙක් නම් මම ඒක කරනවා. ඒක තමයි මගේ විදිය. මට මුල අමතක කරලා මේ ගමන යන්න බැහැ. මම හැදුණේ එතැනින්. එනිසා හැමදාම නම්බර් වන් මගේ ලංකාව.
අනුෂා රණසිංහ