මට ආයේ විවාහයක් ගැන හිතන්න බෑ - හසිනි සැමුවෙල්




කාලයකට කලින් ලංකාවේ වැඩිපුරම අවධානය දිනාගන්න සමත්වෙලා හිටපු නිරූපන ශිල්පිනියක් තමයි හසිනි සැමුවෙල් කියන්නෙ. ජනප්‍රියත්වයේ ඉහලම තැනක සිටියදී ඇය හදිසියේ විවාහ ගිවිස ගන්නවා, ඒ ලංකාවේ අතිශය ජනප්‍රිය සහ ආන්දෝලනාත්මක රැප් ගායකයෙක් වන ලිස්ට් සමඟ යි. කොහොම වුණත් දැන් මේ දෙන්නා අතර සම්බන්ධයක් නෑ කියන එක රහසක් නෙවෙයි.


"ජීවිතෙ නම් හරිම සුන්දරයි, මම දැන් තනිවුන අම්මා කෙනෙක්, මගේ විවාහය සාර්ථක වුනේ නෑ, එයා ආයේ එයාගේ පලවෙනි බිරිඳ සහ ළමයි එක්ක ජීවත් වෙන්න තීරණය කළා, මට ඉතින් ඒ තීරණ වෙනස් කරන්න බෑනේ, ඒක එයාගේ කැමැත්ත ඉතින් මම ඒ කැමැත්තට ඉඩදීලා එයා මට දුන මේ ලස්සන තැත් ආදරෙන් බලාගෙන ජීවිතේ ඉදිරියට යනවා, මගේ දෙමාපියනුත් ගොඩක් උදවු කරනවා මගේ ළමයා උස්මහත් කරගන්න, තනිවීම ගැන යම්කිසි දුකක් තියෙනවා හැබැයි හැමදේම වෙන්නේ හොඳට කියලා හිතාගෙන ඉන්නවා."

හසිනි කලාවට ආපු හැටි ගැන මේ විදිහට කියලා තිබ්බා.

"මම මුලින්ම මේ ක්‍ෂේත්‍රයට සම්බන්ද වෙන්නේ 2017 වසරේදී ඒ මිස් පැජට් එක හරහා, ඒ පැජට් එකෙන් මම දෙවන ස්ථානය දිනාගත්තා, ඊටපස්සේ මම මිස් ඒෂියා පැසිපික් පැජන්ට් එකට ඇප්ලයි කළා, ඒකෙන් මට ජයග්‍රහණය කරන්න පුළුවන් වුනා, ඊට පස්සේ මම පිලිපීනයේ මැනිලාවලදී මිස් ඒෂියා පැසිපික් ඉන්ටනැෂනල් පැජන්ට් එකට ගියා ඒ ලංකාව නියෝජනය කරන්න, ඊටපස්සේ මම ඒ තරගයෙන් මිනි ටයිටල් එකක් දිනාගත්තා, ඒ විදියට තමයි මම මේ ක්‍ෂේත්‍රයට සම්බන්ද වුණේ"

" ඇත්තටම මම ෆිල්ටි එක්ක කිසිම තරහක් නෑ, එයත් එහෙමයි, ඒ වගේම එයා දරුවන්ටත් ගොඩක් ආදරේයි, එයා තාම අපි ගැන හොයලා බලනවා, අපි අතර සමහර දේවල් අපිට ගැලපුනේ නෑ, නොගැලපීම් මත රණ්ඩු වෙවී ජීවත් වෙනවට වැඩිය හොඳයි වෙන් වෙලා ඉන්න එක, මම තනි වුනත් එයා කොහේ හරි සතුටින් ඉන්නවනම් මට ඒ ඇති." "මට ආයේ විවාහයක් ගැන හිතන්න බෑ මොකද මම මගේ හදවතින්ම ආදරේ කරන්නේ ෆිල්ටි ට විතරයි, දැන් මට එයාගෙන් පුතෙක් ඉන්නවා, මගේ ජීවිතේ වැඩියෙන්ම වටිනා දේ මගේ පුතා"





Previous Post Next Post