නිරූපන ශිල්පිනියක් විදියට ක්ශේෂ්ත්‍රය තුළ ප්‍රේක්ෂක ආකර්ෂණය ලබා ගත් චුලක්ෂි රණතුංග මේ වන විට වෘත්තීමය රංගන ශිල්පිනියක් විදියට කලා ක්ශේෂ්ත්‍රය තුළ වැඩ කටයුතු කරනවා. සිනමාව තුළ විවිධ චරිත ගෙනහැරපාන ඇගේ පළමු සිනමා නිර්මාණය දේදුණු ආකාසේ චිත්‍රපටයයි. සරාගී ඡායාරූප සමාජ මාධ්‍ය තුළට මුදා හරින චුලක්ෂි නර්තනයටත් උපන් හපන්කම් දක්වන කෙනෙක්.මිස් ශ්‍රී ලංකා 2013 වසරේ ජයග්‍රහණය කරන චුලක්ෂි කලාවත් එක්ක එකතු වන ඇය ආගමට ලැදිව ජීවත්වන කෙනෙක්. ඉතින් ඇය ආගම දහමට ගොඩක් ලැදි වෙන්න හේතුව ඇය මේ විදියටයි අදහස් දක්වලා තිබුණේ.
"මම ආගම දහමට ගොඩක් ලැදි කෙනෙක්. ඒත් කිසිම කෙනෙක් විශ්වාස කරන්නෙ නෑ. මම ප්‍රසිද්ධ කර කර ඒ වැඩ කරන්න කැමතිත් නෑ. අම්ම අපේ ගමේ පන්සලට ගිහින් අතුගාන්න, කාණු සුද්ධ කරන්න ඕන දේකට සූදානම් වෙලා නිතරම පන්සල් යනවා. මගේ අම්මගේ සහෝදරයෙක් ඒ කියන්නේ මගේ මාමා කෙනෙක් මහන වුණා. මේ වගේ දේවල් දැකලා වෙන්න ඇති මේ තරම් ආගමට දහමට මගේ හිත යන්නේ. මට කවදහරි බැදීම් අත හරින්න පුලුවන්. මගේ අම්මගෙයි ඉස්කෝලේ අම්මගෙයි වගකීම තියෙනවා මට."