ජනප්‍රිය රංගන ශිල්පිනී පියුමි බොතේජුගේ ආදරණීය පියාණන්, පහුගිය දවසක මෙලොව හැර ගියා. ඒ රෝගාතුව රෝහල්ගතව සිටින අතරතුරදීයි. පියාගේ වියෝව නිසාවෙන් තැවෙන පියුමිගේ සංවේදී සටහන් නිතරම වාගේ සමාජ මාධ්‍යයෙන් අපේ ඇස ගැටෙනවා. මේ ඔහුගේ වියෝවෙන් දවස් හතක් ගෙවුණු පසුව ඇය කළ පිංකමේ ඡායාරූප එකතුවක් සහ ඇය පළකළ සංවේදී සටහනයි.
"2022.10.09 තාත්තී ගිහින් දවස් 7 වුනා. මගේ තාත්තී ගොඩක් පිංකම් වලට සහභාගිවුනා ඉන්නකම, බණ ඇහුවේ දිගටම වැඳ ගත්ත ගමන්. ඉතින් අපිට ඕන වුනේ තාත්තී කැමතිම ස්වාමීන්වහන්සේ නමක් එදාට වඩම්මන්න. පදලංගල ධම්මදේව ස්වාමීන්වහන්සේ ගෙදරට වැඩමවා ගන්න මගේ අල්ලපු ගෙදර මංජු අයියාගෙන් වගේම ආදරණිය රංගන අයියාගෙන් ලොකු සහයෝගයක් ලැබුනා. වප් පොහොය දිනය දවසේ විශාල පිරිසකට ඉතාම හරවත් බණක් ශ්‍රවණය කරන්න ලැබුනා. ඒ පින මගේ තාත්තිට 600 පමණ පිරිසක් එදා දවසේ අපේ ගෙදරට එකතු වුනා. පදලංගල ධම්මදේව ස්වාමින්වහන්සේගේ බණ ශ්‍රවණය කිරිමෙන් ඒ සියලු දෙනාගේ හිත් පහන්වීමේ පිනත් මගේ තාත්තාට අනුමෝදන් වේවා! පතන බෝධියකින් නිවන් අවබෝධ වේවා! මේ හත් දවසේ පිංකම හැමදෙනාටම දකින්න මේ තරම් ලස්සනට පින්තුර ටික ලබා දුන්න තුෂාර මල්ලීටත් Thushara Sanjeewa ගොඩක් ස්තුතියි..."