දැන් දැන් නිරූපණ ක්ෂේත්‍රයට එන බොහෝ දෙනා විශේෂ සැත්කම් සහ එන්නත් භාවිතයට නැඹුරු වී ඇති බව රහසක් නොවෙයි. විශේෂයෙන්ම මේ පිළිබඳව දැඩි කතාබහක් ඇතිවෙන්නෙ ආන්දෝලනාත්මක නිරූපිකා පියුමි හංසමාලි විසින් නතාෂා පෙරේරාට ප්‍රසිද්ධියේ කළ චෝදනාව නිසයි. ඇය චෝදනා නඟමින් කියා සිටියේ නාතාශා ප්ලාස්ටික් සැත්කමක් මඟින් ස්වරූපය වෙනස් කරගෙන ඇති බවයි. නමුත් නතාශා එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් සඳහන් කළේ, තමන් සුදු හඳුන් වැනි ස්වභාවික ක්‍රමවේද පමණක් භාවිතා කළා කියලයි.කොහොම වුණත් පියුමි හංසමාලි, තමන් පියයුරු සැත්කමක් මඟින් සකස් කරගත්ත බව හෙළි කළා. එසේ සැත්කමක් ගැන කීම ලැජ්ජාවට කරුණක් නොවන බවයි ඇය කීවේ.
මේ අතර, මෙසේ චෝදනාවලට ලක්වූ ක්ෂේත්‍රයේ තවත් ශිල්පිනියක් වූයේ ශෙහානි කහදවලයි. බැලූ බැල්මට බොලිවුඩ් හෝ හොලිවුඩ් නිළියකගේ පෙනුමෙන් බැබළෙන රුවැත්තියක් වූ ශෙහානිට එල්ල වූ චෝදනාව වූයේ ඇගේ දෙතොල් සැත්කමක් මඟින් සකසා ගත් බවයි. කෙසේ වෙතත් ඇය මේ පිළිබඳව මෑතක පුවත්පතක් සමඟ තොරතුරු හුවමාරු කරගෙන තිබුණා.
ඇතැම් රංගන ශිල්පීන් ප්‍රතිරූපය නඩත්තු කිරීමට එන්නත් හා ප්ලාස්ටික් ශල්‍යකර්ම සිදු කරනවා. ඔබ ඒ පිළිබඳව දක්වන අදහස කිව්වොත්?
තමන්ගේ ආත්ම ශක්තිය ගොඩනගා ගැනීමට එය කළ යුතු දෙයක් නම් එය සිදු කිරීම කිසිසේත් ම වරදක් නොවෙයි. එය තමන්ගේ කැමැත්ත. ඒ පිළිබඳව කිසි ම විවේචනයක් මම ඉදිරිපත් කරන්නේ නැහැ.
ඔබත් ලිප් සර්ජරි එකකට බඳුන් වුණා කියලා කට කතාවක් පැතිරෙනවා. එය සත්‍යයක් ද?
කොහෙත් ම නැහැ. මගේ මේක් අප් ස්ටයිල් එක මම වෙනස් කළා. කිසිම සර්ජරි එකක් මම සිදු කරලා නැහැ.