ජනප්රිය දකුණු ඉන්දීය සිනමා නිළියක් වූ කාජල් අග්රවාල් සිය අලුත උපන් දරුවාගේ ඡායාරූපයක් මීට දින කිහිපයකට පෙර සිය සමාජ පිටු හරහා ප්රසිද්ධ කර තිබුණි. ඒ දරුවගේ හයවැනි මාසය ගෙවෙද්දීය. ඇය මෙසේ දරුවාගේ ඡායාරූපයක් නිකුත් කරනු ලැබුවේ "මාතෘත්වය වඩාත්ම අභියෝගාත්මක සහ ප්රතිලාභදායකයි" යන්න කෙටි සටහනක්ද තබමිනි.
දරුවා ලැබෙන්නට මාස හයක් තිබෙද්දි සිනමා කර්මාන්තයෙන් තාවකාලිය සමුගත් කාජල් රංගනයෙන් දායක වූ චිත්රපට හයක රූපගත කිරිම් තවමත් ඉතුරු වි තිබෙන බව සඳහන් වෙයි. එමෙන්ම කමල් හසන් සමගින් රංගනයෙන් දායක වන ඉන්දියන් දෙවැනි චිත්රපටයද තිබිම විශේෂත්වයකි.