අවුරුදු13ක කාලයක් නිරූපණ ක්ශේෂ්ත්‍රය තුළ නිරත වෙලා ඉන්න කඩවසම් චරිතයක් තමයි හේෂාන් මනුල කියන්නේ. රංගන ශිල්පියෙක් වගේම තමන්ගේම ව්‍යාපාරයක් කරගෙන යන ඔහු මේ දිනවල පුංචි තිරය හරහා හැමෝගෙම කතා බහට ලක් වෙන චරිතයක් වෙලා. ඒ ඔහු රංගනයෙන් දායකවෙන ‘හිත ළග හිනැහුනා’ ටෙලිනාට්‍යයේ දෙව්නක පෝරගේ රංගනය කරපු සිහිනගේ චරිතයයි. ඉතින් මේ චරිත රංගනය හේෂාන්ට ලොකු අභියෝගයක් වුණා. ප්‍රේක්ෂකයන් බලාපොරොත්තු වෙන විදියට සිහින චරිතය ඔහුට ලැබුන ලොකු අභියෝගයක් කියලයි ඔහු සදහන් කරන්නේ. ඉතින් හිත ළග හිනැහුනා ටෙලිනාට්‍යය ආසාවෙන් නරඹපු හේෂාන්ට එහි රංගනය කරන්න අවස්ථාව ලැබීම ගැන ඔහු දැක් වූයේ ලොකු සතුටක්. ඉතින් ඔහුගේ ජීවිතයේ අත්දැකීම් කිහිපයක් ගැන ඔහු මේ විදියටයි අදහස් දක්වලා තිබුණේ.
” මගේ ජීවිතේ මොනවහරි දෙයක් ඕන වුනොත් මට ඒක පහුවෙලා හරි කොහොමහරි ලැබෙනවා. ඒකට හේතුව මොකද්ද කියලා මම ඇත්තටම දන්නෙ නැහැ. කොහොමත් මම හිතන දේවල් සඵල වෙනවා. මම නිරූපණ ශිල්පියෙක් විදියට අවුරුදු 13ක් තිස්සේ නිරත වෙලා ඉන්නවා. විවිධ විලාසිතා හැඩගැන්වීම් වලත් නිරත වෙනවා. ඊට අමතරව රංගනයේ යෙදෙනවා. ව්‍යාපාරයක් වගේම මට චිත්‍ර අදින්නත් හැකියාව තියෙනවා. මට ලස්සනට අදින්න පලදින්න විලාසිතා කරන්න හොද ඇහැක් තියෙනවා.”