සමාජ මාධ්‍ය ඔස්සේ වැඩිපුර කතා බහ කරන චරිත ගත්තොත් දිනක්ෂි ප්‍රියසාද් සහ සාරංග දිසාසේකර කියන්නේ උඩින්ම ඉන්න දෙන්නෙක්. ඉතින් මේ යුවළ මෑතකදී විවාහ වෙලා උතුම් මව්පිය පදවිය ලබා ගන්නවා. පුංචි සාරන්‍යා පවුලට එකතු වීමත් එක්ක දිනක්ෂිට සහ සාරංගට වගකීම් වැඩි අමුතුම අත්දැකීමක් ලැබෙනවා.ඉතින් ඒ වෙනස් අත්දැකීම හරිම ආදරයෙන් සහ ආසාවෙන් බාර ගත්ත දිනක්ෂි සාරංග යුවළට සමාජ මාධ්‍යයේ ඔවුන්ගේ පුංචි සාරන්‍යා ප්‍රේක්ෂකයන්ට නොපෙන්වූ නිසා විවිධ චෝදනාද අසන්නට සිදු වුණා. මොන චෝදනා ලැබුනත් සාරන්‍යාගේ පළමු උපන්දිනය දවසේ තමයි ඔවුන් රසිකයන්ට සාරන්‍යා දෝනිගේ මුහුණ පෙන්වූයේ. දරුවා ලැබෙන්න ඉන්න බව දැන ගෙන මුලින්ම දිනක්ෂි සාරංගව සප්‍රයිස් කරලා ඊට පස්සෙ තමයි අනිත් අයව සප්‍රයිස් කරන්නේ. ඉතින් මුල් මාස තුනක් විතර යනකම් හරියට කෑමක්වත් නැතුව තමයි දිනක්ෂි හිටියේ. දරුවා ලැබෙන්න ඉන්නකොට ලැබුණු අත්දැකීම් ගැන ඇය මේ විදියටයි අදහස් දක්වලා තිබුණේ.
සමහරක්ගේ මෝඩ මතයක් තියෙනවා නෝර්මල් දරු ප්‍රසූතියෙන් දරුවෙක් ලැබුනොත් තමයි ඒ අම්මා නියම දරු දුක දැනෙන අම්මෙක් වෙන්නෙ කියලා. ඒක මහ මෝඩ මතයක්. මොකද සීසර් කරලා දරුවා ලැබෙන අම්මෙක්ට විදින්න තියෙන වේදනාව මහා ගොඩයි. නෝර්මල් අම්මෙක්ට ඒ අවස්ථාවේ වේදනාව විතරයි කිව්වට සීසර් අම්මලාට දරුවා ලැබුනයින් පස්සේ තමයි හොදටම වේදනාව එන්නේ.ඒ අත්දැකීම මමත් වින්දා. මට දරුවව හරියට වඩා ගන්නවත් බැරුව හිටියා. ඒ වේදනාව වචනෙන් කියන්න බැරි තරම්. ඒ තරමට අමාරුයි. ඒ වුනාට ඉතින් දරුවා දැක්කම ඒ අමාරුව ගානක් නෑ. මමනම් කියන්නේ නෝර්මල් ලමයා බිහි කලත් සීසර් සැත්කමකින් දරුවා බිහි කලත් ඒ අම්මා අම්මම තමයි.”