මම ගොඩාක්ම ආදරේ මට කපන අයට - ත්‍රිකලා ධරණි තමන්ට බැනපු ජ්‍යෙෂ්ඨ නිරූපිකාවන්ට කියපු දේ

 


මේ දවස්වල නිරූපණ ක්ෂේත්‍රයේ පවතින්නේ ටිකක් උණුසුම් වාතාවරණයක්. ඒකට හේතුව ත්‍රිකලා ධරනි තමන්ගේ නිරූපණ පාසලේ දරුවන් සමඟ පැවැත්වූ Fashion show එක සහ ඇය ජාත්‍යන්තරයට ගිය සුපිරි නිරූපිකාවක් බව පැවසීමයි. නිරූපණ ක්ෂේත්‍රයට පැමිණ කෙටි කලකින් මේ තරම් පුරාජේරු ගහන්න ත්‍රිකලා සතුව ඇති සුදුසුකම් ගැන නිරූපණ ක්ෂේත්‍රයේ ජ්‍යේෂ්ඨ නිරූපිකාවන් ප්‍රශ්න කළා. ඒ අතර චූලා පද්මේන්ද්‍ර, ඕෂධී හිමාෂා, අමන්දා සිල්වා ඇතුළු නිරූපිකාවන් රැසක් ත්‍රිකලාගේ නම් ගම් සඳහන් නොකර නිරූපන ක්ෂේත්‍රයට හානි නොකරන ලෙස සටහන් කීපයක් ඔවුන්ගේ සමාජ ජාලා ගිණුම්වල සඳහන් කළා. මේ සියල්ලමට නිහඬව සිටි ත්‍රිකලා අද තමන්ගේ ෆේස්බුක් ගිණුමේ අපූරු සටහනක් පළ කරලා තිබුණා.


දන්නවාද ? මම ගොඩාක්ම ආදරේ මට කපන අයට.මොකද අද මම යම්කිසි තැනක ඉන්නවනම්  ලංකාවටම  දැනෙන්න දෙයක් කරලා තියනවනම්,ඒ  මට හැමදාම හොද කියන අය නිසා නෙවෙයි ‼️‼️ මාව කපන්න හදන අය මට දුන්න මෝටිවේශන් එක නිසා. මොකද එයාලගෙන් ඇරෙන්න ඒ දේ මට ලෝකේ වෙන කිසිම තැනකින් සල්ලි වලටවත් ගන්න බැරි නිසා කාගෙවත් කැපිලි වලට ඊර්ශ්‍යාවට ලක් නොවූ කෙනෙක් ඉන්නවනම් ඔහු/ඇය තමන් ඉන්න ක්ශේත්‍රයේ දුර්වලයෙකි ‼️ හැබැයි  කතුරට අමතක වුන දෙයක් තියනවා.. .එනම් කපන්න කපන්න මොට වෙන්නේ එය බව.






Previous Post Next Post