තාත්තගේ රෝල් එකක් නම් ඇත්තටම ඕනි නෑ - කේ සුජීවාගේ ආදරණීය පුංචු දූ රෝස්




කේ. සුජීවාගේ පොඩි දෝණි රෝස්..ඇය දැන් සමාජ මාධ්‍ය තුළ හම ජනප්‍රිය යි. ඒ වගේම අම්මත් එක්ක ප්‍රසංග වේදිකාවටත් ඉදහිට ගොඩ වෙන ඇය, ඇයටම අනන්‍ය හඩකින් රසිකයින් වසගයට ගත්තා. ඉතිං පහුගිය දිනක පුවත්පතක් සමඟින් ඇය අම්මා නැති වුණාම දැනෙන්නේ කොහොමද කියන එක ගැන මේ විදියට විස්තර කර තිබුනා.


අම්මා නැතිවුණාම අවුල්?

අම්මා නැතිවුණාම පොඩ්ඩක් අවුල්. අම්මා ගැන තියෙන හොඳම මතකය තමා, අම්මත් එක්ක විඳින හැම මිනිට් එකක්ම හොඳ මතකයක්. එයා මාව එක්කන් ගියොත්. ඒකත් මතකයක්.  තාත්තගේ රෝල් එකක් නම් ඇත්තටම ඕනි නෑ. ඒක නෑ කියලවත් අපිට දැණුන් නෑ ඒක ෆුල්ම එයා කවර් කරනවා. අම්මගේ ටාගට්ස් අම්මා අපිට කියන්නේ නෑ. එයාට හිතුණනම් මොනාහරි අපිට කියන් නැතුව කරන දේ කරලම තමයි පෙන්නන්නේ.

මායි අක්කයි හරි වෙනස්. අක්කයි නංගියි නෙවෙයි. යාලුවෝ. එයාගෙයි අම්මගෙයි සපෝට් එක ආවම ඉතින් මම ගොඩ. අම්මා හැමතිස්සෙම කියන්නෙ මියුසික් වලින් ම ඉසරහාට යන්න බෑ. එන්ජෝයි කරන්න කළාම ඇති.





Previous Post Next Post