පුංචි තිරයෙන් ප්‍රේක්ෂක ඔබ හමුවුණු අතිශය සුරූපී රුවැත්තියක් වුණු උපේක්ෂා ස්වර්ණමාලි, පසුව දේශපාලයටත් පිවිසුණා ඔබට මතක ඇති. අනතුරුව කාලයක් රූප පෙට්ටියේ දකින්න නොලැබුණු උපේක්ෂා දේශපාලයට සමුදී නැවතත් කලා ක්ෂේත්‍රයට පිවිසෙනවා. ඇගේ ජීවිතේ යම් යම් හැලහැප්පීම් නිසාම මාධ්‍ය වරින් වර ඇය ගැන විවිධ තොරතුරු අනාවරණය කරන්න පටන් ගත්තා.පුංචි දූ පැටියගේ අම්මා කෙනෙක් වුණු උපේක්ෂා, මීට කලකට ඉහත යූටියුබ් නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක් වෙමින් ඇගේ පාර්ලිමේන්තු ගමනේ රසවත් සිදුවීම් මෙසේ හෙළි කර තිබුණා.
ඇයි ඔයා පොලිටික්ස් වලට ආවේ ?
අද මම ප්‍රසිද්ධියේ අකමැති දේට කතා කරනවා. මම දේශපාලනයට ගියේ මගේ වුවමනාවට නෙවෙයි. මම දැන් වුණත් කියන දේ රටේ සිස්ටම් එක වෙනස් කරන්න මැදිහත් වෙන්න මම ආසයි. හැබැයි පක්ෂවලට කඩේ යන් නෑ. පාටි පොලිටික් තමයි දැන් හරියට වෙනෙ.
පාර්ලිමේන්තුවේ ඉන්නකොට නෝට්ස් ලියලා යවනවලු, අද රෑට ෆ්‍රී ද ? මොකද වෙන්නෙ? අහලා. නෝන්ඩියට වගේ?
නෝට්ස් නෑ කෝල් එනවා. කෙළින්ම ආවා කෝල්ස්. ඒගොල්ලො නිකන් සෙට් වුණාට පස්සෙ. හැබැයි හැමෝම නෙවෙයි. 225න් පහක් හතරක් ඇති. බැඳපු එක්කෙනෙක් ඇවිත්. එයා බැලූ බැල්මට සාන්තුවරයෙක් වගේ. එයා කිව්වා, ඔයාගේ එක්කෙනාට කියන්න ඕනිත් නෑ, මගේ එක්කෙනාට ඕනිත් නෑ. මම ඔයාට මෙච්චර ආදරෙයි, මට දැනෙනවා කියලා... එක කාලයක් තමයි ට්‍රයි කරන්නේ. පස්සේ දැනගත්තට පස්සෙ ඒගොල්ලො යනවා. ඔය දේ හැම ක්ෂෙත්‍රෙය්ම තියනවා.