අනුෂ්කා ෂර්මා සිය ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමට ඇගේ සැමියා වන විරාත් කෝලි සමඟ නව පින්තුර කිහිපයක් එකතු කර තිබුණා. මේ ආදරණීය යුවළට ඒ රූ එකතුවට ඉහළ ප්‍රතිචාරයක් ලැබී තිබුණා. ඔවුන් තේ කෝප්පයක් රසවිඳිමින් සුහද කතාබහක යෙදෙන අයුරුයි මේ ඡායාරූපවල දක්නට ලබෙන්නේ. කෙසේ නමුත් නිමාවූ ආසියානු කුසලාන තරගාවලියත් සමඟ විරාත් කෝලි වැඩි වශයෙන් කතාබහට ලක්වුණා.
ඒ උණුසුම යන්නත් ඉස්සර මේ ආදරණීය යුවළගේ සොඳුරු රූ එකතුව දකින කාටත් නිරායාසයෙන්ම මතක් වෙන්න ඇති නම්,
දිනුම පැරදුම තාවකාලිකයි. ආදරේ සදාකාලිකයි. කියන කාරණය තමයි.