බුවිනි දියලගොඩ විවාහ සංවත්සරය දවසේ සැමියාට දුන්නු උණුසුම් හාදුව



බුවිනි චාපා දියලගොඩ කියන්නේ ටෙලිනාට්‍ය කලාවේ කලක් ජනප්‍රිය රංගන ශිල්පිනියක් වුණු වත්සලා දියලගොඩගේ නැඟණිය. ඇයත් ටෙලිනාට්‍ය රංගන ශිල්පිනියක් ලෙස ජනප්‍රිය වුනා. බුවිනි විවාහ වන්නේ වාහන ආනයනය කරන ව්‍යාපාරිකයෙක් වන කසුන් දේවින්ද සමඟ. විවාහයෙන් පසුව  නම් බුවිනි කලා ක්ෂේත්‍රයේ ඒ තරම් දකින්න ලැබුණේ නැහැ. නමුත් ඇය පෞද්ගලික ජීවිතය සැමියා එක්ක සතුටින් ගත කරන බව ඇගේ සමාජ ජාලා ගිණුම් වලින් පෙනෙනවා. සමාජ ජාලාවල ඇය හරිම ජනප්‍රියයි. 

පසුගිය දින බුවිනි සහ කසුන් ඔවුන්ගේ විවාහ සංවත්සරය සමරා තිබුනා. බුවිනි උදේ පාන්දරම තමන්ගේ සැමියා කසුන්ට උණුසුම් හාදුවක් දීලා සංවත්සරයට සුබපතල තිබුණා. ඒ ඡායාරූප අපූරු සටහනක් සමඟ ඇගේ ෆේස්බුක් ගිණුමේ පල කරන්නත් බුවිනි අමතක කළේ නැහැ. පහත දැක්වෙන්නේ ඒ සටහන සහ ඡායාරූප. 

"ඔබ මගේ ස්වාමිපුරුෂයා ලෙස ලැබීමට මම වාසනාවන්තයි, ඒ වගේම මේක මගේ ජීවිතේ හොඳම දවස. සුබ සංවත්සරයක් මගේ ආදරය"





Previous Post Next Post