අපි දෙන්නගේ ආදරයට තවත් කෙනෙක් එකතු වෙන්නයි යන්නේ



ශ්‍රී ලංකාවේ traveling ලෝකයේ රජ්ජුරුවෝ කවුද යැයි ඇහුවොත් අංක එකට මතක් වෙන නම් දෙකක් අනිවාර්යෙන් තියනවා එකක් තමයි travel with wife අනිත් එක තමයි binario 12.ඉතින් ඔන්න අද අපි ඔයාලට ඔයාලට අරගෙන ඇවිත් තියෙන්නේ කොයි කවුරුත් ආදරය කරන binario 12 youtube චැනල් එකෙ ආදරණීය දෙපළ ගැන ඉතාමත් ආදරණීය පුවතක් අරගෙනයි. ඉතින් ඔයා දන්නවා ඇතිනේ මේ දෙන්නා ආදරේ කරන්න පටන් අරගෙන තියෙන්නේ මීට අවුරුදු ගණනාවකට කලින් ඉගෙන ගන්න කාලේ තුලදිමයි. ඊට පස්සේ මේ දෙන්නා එකතුවෙලා එකතු වෙලා තමන්ගේ ජීවිතය තමන්ගේ හීන වලට යන අඩිතාලම බොහොම දුක් කම්කටොලු මැදින් ඉතාමත් උත්සාහවන්ත විදිහට හදා ගන්නවා.


කොහොම වුණත් මේ ආදරණීය යුවළගේ ලොකුම සිහිනයක් වෙලා තියෙන්නේ ඉතාමත් නිදහසේ මුළු ලෝකය පුරාම travel කරන එක. ඉතින් උත්සාහය උනන්දුව කැපවීම මත මේ දෙපළ ඒ හීනය කොහොමහරි හැබෑ කර ගන්නවා.ටිකක් කල් යනකොට ඔවුන් හිතන්නේ ඔවුන් දකින සුන්දර අපූරු ලෝකය මුළු ලෝකයටම දකින්න සලස්වන එක ගොඩක් හොඳ දෙයක් කියලයි ඉතින් ඒ විදියට තමයි මට මේ මුළු රටක් ආදරය කරන දන්න ආදරණීය යුවලක් බවට පත්වෙන්නේ. ඉතින් මේ ආදරණීය යුවල යුවල දැන් උතුම් වූ මව් පිය පදවියට සූදානම් වෙන බව තමයි අපිට දැන ගන්නට ලැබුණේ එකෙන් එකෙන් ඔවුන් ඒ පිළිබඳව මුළු රටටම කියලා තිබුණේ සමාජ මාධ්‍ය ඔස්සේ.ඉතින් ඔවුන්ගේ උණුසුම් පුවත මේ විදියට තමයි අරගෙන ඇවිත් තිබුණෙ.


” WE ARE PREGNANT  වචන වලින් කියා ගන්න බැරි තරම් සෙනෙහසක් හිතට දැනෙනවා.අපි දෙන්නගෙ ආදර කතාවට දගමල්ලක් එකතු වෙන්නයි යන්නෙ.ජීවිතේ ලස්සනම චාරිකාව ජුලි 01 පටන් ගත්තා.OMG අපිට අම්මා තාත්තා කියල කතා කරන ඩයල් එකක් නදීගෙ බන්ඩි අස්සෙ ටික ටික ලොකු වෙන ගමන්…අපි ඊයෙ එයාව ජීවිතේ පලවෙනි පාරට දැක්කා. නදී වගේ හුරතල් ට්‍රැක් ඩයල් එකක් වෙයිද.මං වගේ ලැජ්ජ බයට හැදෙන පැංචෙක් /පැංචියෙක් වෙයිද කියල ආසාවෙන් බලං ඉන්නෙ ඉවසිල්ලක් නැතිව.” ඉතින් ඔවුන් දෙපලට අපි ඉතාමත් උණුසුම් සුබ පැතුම් එක් කර සිටිනවා.





Previous Post Next Post