කසුන්ගෙන් ලැබෙන අසීමිත ආදරයයි රැකවරණයයි එක්ක බොහොම සතුටින් ඉන්නේ - විනු සිරිවර්ධන



ආකර්ෂණීය රංගන ශිල්පිනියක් විදිහට ක්ෂේත්‍රය තුළ කැපී පෙනෙන පෙනෙන මේ සුන්දර තාරකාවිය තමයි විනූ සිරිවර්ධන. ඇය ගැන ආයෙ ඔබට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ මොකද තරුණ බොහෝ දෙනෙක් විනූ කියන චරිතයට ආදරේ කරන නිසා. විනු සිරිවර්ධන එක්තරා රූප රාජිනී  තරගයක් ජයග්‍රහණය කරලා තමයි ක්ෂේත්‍රයට එන්නේ.එතැන් පටන් නිවේදිකාවක් විදිහටත් ටෙලි නාට්‍ය රංගන ශිල්පිනියක් ලෙසත් ඇයව පුංචි තිරයෙන් සහ රිදී තිරයෙන් අපට දැකබලා ගන්න අවස්ථාව ලැබුණා. මේ වන විට තමන්ගෙ පෞද්ගලික ජීවිතයත් එක්ක විනූ ටිකක් කාර්යබහුල වෙලා ඉන්නේ. විවාහ වුණාට පස්සේ ඉස්සර වගේ ඇය කලා කටයුතුත් එක්ක නිතරම කාර්යබහුල වුණේ නැහැ. ඒකට මූලිකම හේතුව ආදරණීය සැමියා ගාව බිරිඳක් විදිහට  ඇය ට ඉන්න ඕනේ නිසා කියලත් සඳහන් කළා.


මේ වන විට විනු ගෘහණියක් විදිහටත් කලාකාරිනියක් ලෙසත්  තමන්ගෙම ව්‍යාපාරයකින් ජීවිතයේ ඉහලට යන උත්සහ දරන ව්‍යාපාරිකාවක් ලෙසත් අපිට හඳුන්වන්න පුළුවන්. ඇය තමන් කරන විලාසිතා ගැන ගොඩක් දෙනෙක් අහන නිසා තීරණය කරනවා විලාසිතා  සම්බන්ධයෙන් ව්‍යාපාරයක් පටන් ගන්න. මේ ව්‍යාපාරයත් අද වෙද්දි සාර්ථක මට්ටමක තියෙනවා කියලා ඇය සඳහන් කළා. ගොඩක් අය කියන දෙයක් තමයි විනු විවාහ වුණාට පස්සේ එන්න එන්නම තව තවත් ලස්සන වෙනවා කියන දේ. ඒකට මූලිකම හේතුවක් විදිහට හදුන්වන්න පුළුවන් ඇය නිතර කරන ආකර්ෂණීය විලාසිතාවන්. විවාහයෙන් පස්සේ  ඇය ලස්සන වීමේ රහස ගැන කිව්වේ මේ වගේ කතාවක්.


“හැමෝම ඔය කතාව කියනවා.මට හිතෙන්නෙ ඒකට හේතුව ස්වාමියාගෙන් ලැබෙන අසීමිත ආදරයයි රැකවරණයයි එක්ක  බොහොම සතුටින් ඉන්න තරම් මම වාසනාවන්ත වීමයි” ඇයගේ ආදරණීය සැමියා ආර්ථික විද්‍යා ගුරුවරයෙක් විදිහට කටයුතු කරන කෙනෙක්. ඒ වගේම ඔහුත් එක්ක හරිම ආදරණීය ජීවිතයක් ඇය ගත කරනවා. නිතරම ආකර්ෂණීය චරිතයක් වෙන්න හැමෝටම බැහැ. නමුත් වෙනුවට එය අවස්ථාව උදා වෙන්න ඇය තෝරා බේරාගෙන විලාසිතා කරන නිසා වෙන්න ඇති.


කොච්චර මිලෙන් අධික ඇඳුමක් වුනත් ඇයට ගැළපෙන නැත්නම් ඇය ඒක අදින්නේ නැහැ කියලත් සඳහන් කළා. ඒ විතරක් නෙමෙයි විවාහයෙන් පස්සේ ඇගේ බොහෝ විලාසිතා ඇයට තෝරා දෙන්නේ ඇගේ ආදරණීය සැමියා කියලත් සඳහන්. ඒ වගේම කොයි තරම් විලාසිතා කරත් බාහිර පෙනුම කොයි තරම්  ලස්සන උනත් අපි හැමෝගෙම හදවතත් ලස්සන වෙන්න ඕනේ කියලා ලස්සන වෙන්න ඕනේ කියලා ඇය සඳහන් කරනවා. විලාසිතා කරද්දී සාමාන්‍යයෙන් විශාල මුදලක් වැය වෙනවා. විනුට නම් ඒක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි ඒ ගැන ඇය කිව්වේ මේ වගේ කතාවක්.


“මම ආසම ලොකු ලොකු මුදු පලදින්න. ඉහළ මිල ගණන් යටතේ තියන විලාසිතා කරන්න ඕනි branded ඇඳුම් අඳින්න ඕනෙ කියන මතය මට නැහැ. මට ගැළපෙනවා නම් මිල ගැන මම ලොකුවට හිතන්නේ නැහැ. නමුත් මගේ ආදරණීය සැමියා නම් මට අරන් දෙන්න බොහෝ විලාසිතාවන් මුදලින් වැඩියි.” ඉතින් ඇය තමන් කරන විලාසිතා සම්බන්ධයෙන් සහ ඒ විලාසිතා වලට සැමියාගෙන් ලැබෙන සහයෝගය පෙනුම නොව ඒ විදිහට තමයි අදහස් ඉදිරිපත් කළේ. තවත් බොහෝ කාලයක් ලස්සනට මේ ආදරණීය යුවලට ජීවත් වෙන්නට හැකියාව ලැබේවා කියා අපි ප්‍රාර්ථනා ය කරන්නේමු. 






Previous Post Next Post