කලාවට ඇවිත් අවුරුදු 9ක්, මට ලැබුනේ ටෙලි නාට්‍යය 4ක් විතරයි -ෂෙහානි කහඳවල



ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ “සිහිනි” ටෙලිනාට්‍යයේ “සිහින” ලෙසින් සැමගේ සිත් වසඟ කර ගත් ෂෙහානි කහඳවල කාලයකදී සැමගේ ම කතා බහට ලක්වන, තවත් කාලයකදී අතුරුදන් වන තාරකාවක් ලෙස ප්‍රසිද්දවුණු ඇය ගැන තමයි අද අපි ඔබට ගෙන එන්නේ,ඉතින් ෂෙහානි ඇය ගැන අපට කිවුවේ මෙන්න මේ වගේ දෙයක්.මම මේ දවස් වල ගෙදර අයත් එක වැඩි කාලයක් ගත කරනවා. ඒ වගේ ම නව ව්‍යාපෘතියක වැඩ ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙනවා. සිහිනි ටෙලි නාට්‍යයෙන් පසුව අලුත් වැඩ නම් මම භාර ගත්තේ නැහැ.


ඇත්තටම මම මං කලාවට පිවිසුණේ 2013දි. මුලින් ම දෙරණ නාළිකාවේ නිර්වේදන කටයුතු වසරක පමණ කාලයක් සිදු කළා. 2015 දී දෙරණ නාළිකාවෙන් ම චාමර ජනරාජ් පිරින්ගේ ඇසිඩ් නාට්‍යයට මට ආරාධනා ලැබුණා. ඇසිඩ් නාට්‍යයට සම්බන්ධ විමෙන් පසුව සිරස නාළිකාවේ සුජාතා නාට්‍යයට සම්බන්ධ වුණා. මං රඟපාන චරිත තුළින් ලබන අත්දැකීම් මත රංගනය පිළිබඳ යම් දැනුමක් ලබනවා.මම රංගනය ගැන වෙනම හදාරලා නැහැ.මගේ පව්ලේ කවුරුත්ම රංගනයට සම්බන්ද නැහැ හැබැයි මට උපතින්ම කලාව ඇගේ තියෙනවා කියලා මම හිතනවා.


අනිවාර්යයෙන් ම රංගනය පිළිබඳ හැදෑරීමක් අත්‍යවශ්‍යයි. ලංකාවේ ටෙලි නාට්‍යයකට, චිත්‍රපටයකට හෝ ඕනෑ ම නිර්මාණයකට ආරාධනා කරන්නේ සතියක් හෝ සති දෙකක් වැනි අඩු කාලයකට ඉහතදියි. ඒ නිසා එම චරිතය පිළිබඳ අධ්‍යයනය කරන්න වගේ ම ඒ වටපිටාව පිළිබඳව අවබෝධයක් ලබා ගන්න අවකාශයක් නැහැ. ඒ නිසයි රංගන පාසල්වලට ගිහින් එහි සහතික ලබලා ඉගෙන ගන්න අවශ්‍යයි නැත්නම් රංගනය ප්‍රායෝගිකව අධ්‍යයනය කළ හැකි විෂයක්. බොහෝ රටවල රංගන පාසල් පවතිනවා වගේ ම එයින් බොහොමයක් දෙනා අධ්‍යාපනය ලබනවා. නමුත් මං පෞද්ගලිකව විශ්වාස කරනවා යම් නිර්මාණයක් භාර ගන්නවා නම් ඒ චරිතය හොඳින් අධ්‍යයනය කරලා කැපවිමෙන් කිරීමට හැකියාව තියෙනවා නම් ඒ චරිතයට සියයට සියයක් සාධාරණය ඉෂ්ට කළ හැකියි කියලා. ඉදිරියේදි මගෙත් ලොකු කැමැත්තක් තියෙනවා පුළුල්ව රංගනය හදාරන්න.


ඒ වගේමයි කියන්නම ඕනේ ප්‍රවීණයන්ගේ සැලකීම හා සහයෝගය ලැබීමට අපගේ පෞරුෂය වගේ ම අනිත් අය සමග අප ගනුදෙනු කරන ආකාරය වඩාත් වැදගත් වෙනවා. බොහෝ නිර්මාණවලදී ප්‍රවීණයන්ගේ උපරිම සහයෝගය මට ලැබුණා වගේ ම ඒ දිරිගැන්වීම්වලින් රංගන ජීවිතයට ලොකු පන්නරයක් ලැබුණා. මං ගොඩක් වාසනාවන්තයි මට හොඳ නිර්මාණවලට දායක වෙන්න අවස්ථාව ලැබුණා සහ කවදාවත් කැපිලි කෙටිලිවලට මුහුණ දෙන්න නොලැබුණු නිසා.රංගනය නිසා නිවේදනය අතහැරිලාම ගියා නමුත් මට දුකක් නැහැ. නිවේදනයට වඩා රංගනයෙන් මගෙ ජීවිතයට බොහොමයක් දේවල් ලැබුණා. ඒත් අදටත් නිර්වේදනයට ආරාධනා ලැබුණොත් මම භාර ගන්නවා.


මං හිතන්නේ නෑ මොකක් හරි ගොසිප් එකකින් හෝ නිර්මාණයක් තුළින් හෝ පුංචි තිරයේ නිතර ම මගේ මූණ පේන්න තියෙන්න අවශ්‍යයි කියලා. මිනිස්සුන්ට මතක හිටින නිර්මාණයකට දායක වෙලා ඔවුන්ගේ සිත්වල දිර්ඝකාලිනව රැදෙන්න පුළුවන් වීමත් ලොකු ආශිර්වාදයක්. මං කලාවට සම්බන්ධ වෙලා වසර 9ක් ගත වුණත් තවම රංගනයෙන් දායක වෙලා තියෙන්නේ ටෙලි නාට්‍යය 4කට විතරයි. කෙනෙක් පබ්ලික් අයිකන් එකක් විම තුළ ම ප්‍රශංසා, උපහාසවලට මුහුණ දෙන්න ශක්තිය ගොඩනගා ගන්න අවශ්‍යයි. එකිනෙකාගේ රුචිකත්වයන් වෙනස්. මං පවුලේ එක ම දරුවා. අම්මයි තාත්තයි මායි අපේ පවුලේ ඉන්නේ මම දැන් පෙම්වතියක් එයා ක්ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක් නම් නෙවෙයි එයා ගැන මම පස්සේ කියන්නම්කො.කියලා තමයි ෂෙහානි ඇගේ තොරතුරු ,කිවුවේ.






Previous Post Next Post