"ගිනියම් රෑ" මියුසික් වීඩියෝ එකෙන් එක රැයින් ජනප්‍රියත්වයට පත් වූ චමත්කා ලක්මිණි, යළි කතාබහට ලක්වන ඇය "හුස්ම" චිත්‍රපටයේ නිරූපණ කළ නිරුවත් සහ ලිංගික දර්ශන කිහිපයක් නිසා යි. දසුන් පතිරණ සහ ඉසුරු ලොකුහෙට්ටිආරච්චි සමඟින් එසේ අතිශය ආන්දෝලනාත්මක දර්ශන කිහිපයක් රඟන ඈ නැවත වතාවක් නවතම චිත්‍රපටයකින් කරළියට එන්න සුදානම්..
"පියාඹන්න ආයෙත්" ලෙස නම් කෙරූ මේ චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය දැන් අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා. ඇය මෙහි රංගනයේ යෙදෙන දක්ෂ නළු කළණ ගුණසේකර සමඟ යි. බොහෝ දෙන්නෙක් මත පළ කරන්නේ, මෙය ද "හු" තරම්ම ආන්දෝලනාත්මක වනු ඇති බවයි. මෙම පවුලේ සැමට එකට හිඳ නැරඹිය හැකි සිනමා පටයක් බවයි දැක්වෙන්නේ.