මට පුළුවන් නම් මට ඇත්තටම ළමයි 10 දෙනෙක් හදනවා - නෙහාරා පීරිස්



නෙහාරා පීරිස් හා මේනක රාජපක්ෂගේ ආදර කතාව ගැන ලංකාවේ කලා ලෝකයට ආදරය කරන කෙනෙක් නොදන්න තරම්. ඒ තරමටම ඉතාමත් ප්‍රසිද්ධ වන්න ගොඩක් අය අතර ජනප්‍රිය ගොඩක් අය ආදරේ කරන ඉතාමත් ආදරණීය යුවලක් තමයි නෙහාරා පීරිස් හා මේනක රාජපක්ෂ කියන්නේ.ඔවුන් දෙදෙනා විවාහ පත් වෙන්නේ 2014 වසරේ දී. ඉන් පසුව ඔවුන් දෙපළගේම ලොකුම සහ එකම හීනයක් වෙලා තියෙන්නේ ආදරණිය පුංචි දරු සුරතල් බලන එක. ඔවුන් ඒ හීනය හැබෑ කරගන්නේ මීට වසරකට පමණ පෙර.දැන් ඔවුන්ට අවුරුද්දක් වයස පුංචි දියණියක් ඉන්නවා. ඇගේ නම මේලි රාජපක්ෂ. මෑතකදී නැවතත් නෙහාරා මවු පදවිය ලබන්න සූදානම්ලු. ඒ බව අපට කිවේ මේනක රාජපක්ෂ.නෙහාරා තමන්ගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ ඡායාරූප කීපයක් පළ කරමින් අපූරු සටහනක් ලියා තිබුනා. එය පහත දැක්වෙනවා.


"මම ගැබ්ගෙන සිටින විට තරම් අන් කිසිම විටෙක සතුටු නොවෙමි. මට පුළුවන් නම් මට ඇත්තටම ළමයි 10 දෙනෙක් හදනවා"





Previous Post Next Post