ටික්ටොක් දැන් නම් නවත්තලා තියෙන්නේ - හර්ෂි රසංගා

 


හර්ෂි රසංගා කියන්නේ බොහෝම කෙටි කාලෙකින් කාගෙත් ආදරය දිනාගන්න පුංචි තිරයෙන් ඔබට මුණගැහෙන හුරුබුහුටි කෙල්ලක්. මේ දිනවල අතිශය ජනප්‍රිය, හිරු ටීවී ඔස්සේ විකාශය වන 'ලංවී' ටෙලි නිර්මාණයේ ප්‍රධාන චරිතය නිරූපණය කරන්නෙත් ඇයයි.සමාජ මාධ්‍ය තුළ නිතරම වගේ කතාබහක් ඇති කරන හර්ෂි, මෑතක යූටියුබ් නාලිකාවක් සමඟ කළ කතාබහක කොටසක් තමයි මේ.


ආදරේ කියන්නේ මොකද්ද ?


ආදරේ කියන වෙලාවකට ලොකු සතුටක්. වෙලාවකට දුකයි. මොකද මම කියන් නෑ මම හරියට ආදරේ කරන්න දන්නවා කියලා. ඒ වුණාට ගොඩක් අය ආදරේ හට දෙන් නැති වුණාම ඒකෙනෙක් ඒකෙන් හර්ට් වෙනවා.


හර්ෂි පෙම්වතියක් ද නැද්ද ?


ගොඩක් අය මගෙන් ඇහුවා ඇත්තද පෙම්වතියක්ද කියලා. නෑ.


ඇයි දැන් ටික්ටොක් නවත්තලා ?


ටික්ටොක් දැන් නම් නවත්තලා තියෙන්නේ. ටික්ටෝක් කරන්න කවිඳු අයියා තමා මගේ ඔලුවට දැම්මේ. ඇත්තටම ටික්ටොක් හොඳ දෙයක්, හරියට කරනවා නම්. සම්මාන උළෙලවලට මගේ නම නොමිනේට් වෙද්දි ගොඩක් අය කියලා තිබ්බා, ටික්ටොක් වලින් ආපු ගර්ල් කෙනෙක්. ඇයි මෙයාව අරන් තියෙන්නෙ කියලා. ඇත්තටම මම ටික්ටොක් වලින් ආපු කෙනෙක් නෙවෙයි. මම කළා තමයි. නමුත් මිනිස්සු වැරදි මතයක් ඇති කරලා.


ක්ෂේත්‍රෙයේ කැපිලි කෙටිලි ගැන?


කැපිලි කෙටිලි ගොඩක් තිබ්බා. එකටම ඉන්න කට්ටි කපනවා කොටනවා. ඉවසන් ඉන්නවා ඉතින්. එහෙම වෙන්න හේතුව නම් දන්නේ නෑ. පොඩි දුකක් වගේම සතුටක් තියෙනවා.


ඇත්තද කොහේ ගියත් මොනා හරි දාලා එනවා කියන්නේ ?


මම කොහේ ගියත් මොනා හරි දාලා එනවා. අන්තිමට දාලා ආවේ ෆෝන් චාජර් එක. අම්මා නම් කියන්නෙ සිහියක් නෑ කියලා.






Previous Post Next Post