රංගනයට අමතරව මම චිත්‍ර අඳින්නත් ගොඩක් දක්ෂයි - ධනංජි තාරුකා



ජනප්‍රිය ටෙලි නාට්‍යය හා සිනමා නිළියක් වන ධනංජි තාරුකා සමගින් අප මෙවර කතා බහා කම්මු. නිරන්තරයෙන්ම කලා මාධ්‍යයන් ඔස්සේ කතාබහට ලක්වන ධනංජිට අද වෙනස්ම විදිහේ ප්‍රශ්ණ කිහිපයක් යොමු කළේමු. මේ ඒවාට ඇය ලබාදුන් ප්‍රතිචාර.


ඔයා මොන වගේ කෙනෙක්ද? 

තනි වචනයෙන්ම කියනවා නම් ඉතාම සරළ ගති පැවතුම් ඇති කෙනෙක් කිව්වොත් හරි. ටිකක් විතර දඟ කෙනෙක්. හැබැයි ගොඩක් අහිංසකයි කියලත් කියන්න පුළුවන්.


නිරූපණයට, රංගනයට අමතරව ඔබ තව දක්ෂ?


පාසල් කාලේ මම ගොඩක්ම දක්ෂ වෙලා තිබ්බේ චිත්‍ර අඳින්න. හැම වසරේර්ම මම පාසල් චිත්‍ර තරගවලදි පළමු, දෙවැනි හා තුන්වැනි ස්ථාන ලබාගෙන තියෙනවා. රංගනයට අමතර ගත්තොත් මගේ ජිවිතේ මම ගොඩක්ම දක්ෂ වෙලා හිටියේ චිත්‍රවලට කිව්වොත් හරි. ඊට අමතරව මෙම ක්‍රීඩාවටත් දක්ෂ කෙනෙක් කියලා කියන්න පුළුවන්. 


ක්‍රීඩාවට දක්ෂ අයෙක් නිසා කැමතිම ක්‍රීඩාව මොකක්ද? 


කැමතිම ක්‍රීඩා ගොඩක් තියෙනවා. දක්ෂ මොකටද කියලා ඇහුවොත් මම ගොඩක්ම දක්ෂයි නෙට්බෝල් ක්‍රීඩාවට. මම පාසල් මට්ටමින් පමණක් නොවෙයි කොට්ටාස, දිස්ත්‍රික්ක, පළාත් මට්ටම තෙක් බෝල් ක්‍රීඩාව තුළින් ජයග්‍රහණ අත්කර ගෙන තියෙනවා. ඊට අමතරව, වොලිබෝල්, එල්ලේ, ක්‍රිකට් වගේ ක්‍රීඩාත් මම කරලා තියෙනවා. ඒ වගේ සහතික කුසලාන එහෙමත් ක්‍රීඩාව පැත්තෙන් ගොඩක් දිනලා තියෙනවා.


කැමතිම ක්‍රීඩකයෙක් ඉන්නවාද?


ඔව්, මම කැමතියි වනිඳු හසරංගට. ක්‍රිකට් තරග වැඩිපුර නරඹන්නේ නැති වුණත් මම ඔහු ක්‍රීඩා කරන විඩියෝ එහෙම බලලා තියෙනවා. වනිදුට කැමති වෙන්න හේතුව තමයි ඔහුගේ ක්‍රීඩා විලාසය. හැම වෙලාවෙම මම දකින විදිහට ඔහුගේ දායකත්වය සියයට සියයක්ම කණ්ඩායම වෙනුවෙන් ලබා දෙන්න උත්සාහ කරනවා. කලාතුරකින් තමයි එහෙම ක්‍රීඩකයෝ අපිට දකින්න ලැබෙන්නේ. 


මෑතකදි වඩාත් ආසාවෙන් අහපු ගීතය මොකක්ද? 


ගීත අහන්න නම් ගොඩක් කැමතියි. නමුත්, ඒවා අහන්න තියෙන වෙලාව තමා අඩු. පරණ ගීත අහන්න මම ගොඩක් කැමතියි. අමරසිරි පීරිස්, නන්දා මාලනි, නිරෝෂා විරාජිනි වගේම සංක දිනෙන්ගේ ගීත අහන්න ආස ගීත අතර තියෙනවා. මේ කාලේ ගත්තොත් මන්දරම් කතාවේ. අනුක (වස්ති) කියන ගීතයට මේ යන රැල්ලත් එක්ක මම ගොඩක් වෙලාවට අහනවා.


බලපු හොඳම චිත්‍රපටය මතකද? 


චිත්‍රපට නම් ගොඩක් වෙලාවට බැලෙනවා අඩුයි මට. මෑතකදී බලපු චිත්‍රපට අතරින් යශ් රඟපාපු KGF චිත්‍රපටය මගේ හිත ගියා. මොකද, එකේ පළවෙනි චිත්‍රපටයටත් මම නැරඹුවා. ඒකේ තිබුණ කුතුහලයත් එක්ක දෙවැනි එක බලන්න මට ආසාවක් ඇතිවුණා.. පළවෙනි චිත්‍රපටය ප්‍රදර්ශනය වෙලා වසර ගනනක් ගිහින් තමයි දෙවැනි එක නිකුත් වුණේ. නමුත්, ඒ තිබුණ කුතුහලය මගේ අඩුවෙලා තිබුණේ නැහැ. චිත්‍රපටය ප්‍රදර්ශනය වුණ ගමන් මම වෙලාවක් හොයාගෙන ඒ චිත්‍රපටය නැරඹුවා. 


ඔයාට හිතන විදිහට ඔයාගේ ඇගේ ලස්සනම මොනවද? 


මගේ ඇගේ ලස්සනම කොටස මොකක්ද. මට හිතෙන විදිහට මගේ අත් දෙක. ඩාන්සින් කරන කොට මම  මගේ අත් දෙක හසුරවන කොට ගොඩක් අය කියනවා ඇහිලා තියෙනවා මගේ අත්දෙක, ඇගිළි ලස්සනයිකියලා. 


දැනට කී දෙනෙක් ඔයාට ආදරේ කරලා තියෙනවාද? 


පාසල් කාලේ වසර ගණනක් ඇදුණ ප්‍රේම සම්බන්ධයක් මට තිබුණා. මට මතක හැටියට ඒ සම්බන්ධය  අ.පො.ස උසස් පෙළ විභාගය තෙක් වගේ තිබුණා. ගෙදර අයගේ අකමැත්ත නිසා මට ඒ සම්බන්ධය නතර කරන්න වුණා. මගේ මතකය හැටියට ආදර සම්බන්ධතා තුනක් වගේ තමයි මට තිබුණේ. ක්ෂේත්‍රය තුළ වැඩ කරද්දි මට ෂැගීව මුණ ගැහුණා. අද ඔහුත් එක්ක මම එක වහළක් යට මගේ ජිවිතේ ගෙනියනවා ගොඩක් ආදරෙන් හා සතුටෙන්.






Previous Post Next Post