තෙල් නැති නිසා ගෙදරට වෙලා ඉන්නවා - ආලෝකා ධනංජි




සිරස ෆිල්ම් ස්ටාර් තරගයෙන් කලාවට පිවිසෙන ඇය අද වන විට ඔබ හොඳින්ම හඳුනන රංගන ශිල්පිණියක්. පසුගිය දිනෙක ජීවිතයේ වැදගත් පියවරක් ඉදිරියට තබපු ආලෝකා ධනංජිගේ අලුත්ම තොරතුරු   ඇය සමග මේ  විදියට පුවත්පතක් සමඟින් පවසා තිබුනා.


එකවර නාට්‍ය තුනක් විකාශය වීම අවාසියක්?


මේ නාට්‍ය තුන නාළිකා තුනක විවිධ වේලාවන්වලට” සතියේ දිනවල වගේම සති අන්තයේත් විකාශනය වෙනව. ඒ නිසා අවාසියක් වෙන්නෙ නැහැ.


ආලෝකා කාර්යබහුලද?

 

මේ දිනවල රටේ පවතින තත්ත්වයත් එක්ක” විශේෂයෙන්ම ඉන්ධන ගැටලුව නිසා නිර්මාණ බොහොමයකම වගේ ෂූටින් නතරවෙලා තියෙන්නෙ. මේ තත්ත්වයත් එක්ක කාර්යබහුලත්වයක් නැහැ. ගෙදරට වෙලා ඉන්නව.


කොහොමද කාලය ගෙවෙන්නෙ?


මම කොහොමත් ආසයි ෆිල්ම් බලන්න. මේ දවස්වල ඒක තමයි මං කරන්නෙ.


නාට්‍ය තුනට ලැබෙන ප්‍රතිචාර?


මීනු ටෙලි නාට්‍යයේ මගේ චරිතය වෙන්නෙ ගුරුවරියක්. ඇයට නම් බොහෝ දෙනෙක් දොස් කියල තියෙනව ගොඩක් නපුරුයි කියල. සංගිලි කනදරාව නාට්‍යයේ සුමේධාගේ චරිතයට හොඳ ප්‍රතිචාර ලැබෙනව. ඒ වගේම මාණික්කාවත නාට්‍යයේ මගේ කොටස තවම විකාශනය වුණේ නැහැ.


ඔබට ලැබෙන චරිත ගැන අදහස?


ඇත්තටම මේ දක්වා මට ලැබුණු නිර්මාණවල එකිනෙකට වෙනස් චරිත කරන්න අවස්ථාව ලැබුණ. ඒ ගැන සතුටුයි.


රංගන ශිල්පිනියක් වීම ඔබ දකින්නෙ?


රංගන ශිල්පිනියක් වීම ගත්තොත් මම හිතනව හැමෝටම මේ අවස්ථාව ලැබෙන්නෙ නැහැ කියල. අපිව බලල ප්‍රේක්‍ෂකයො සතුටු වෙනව වගේම දුක් වෙනව. නමුත් අපි කරන්නෙ රඟපෑමක්. ගම්වල දක්‍ෂ අය ඉන්නව. ඔවුන්ට ඉදිරියට එන්න අවස්ථාවක් නැහැ. මමත් එන්නෙ සිරස ෆිල්ම් ස්ටාර් තරගයෙන්. එතනදි රංගනය ගැන පමණක් නොවෙයි ගායනය වගේම නර්ථනය ගැනත් ලොකු අවබෝධයක් ලබා දුන්නා.


ආලෝකා ආඩම්බරකාර චරිතයක්ද?


නැහැ. නැහැ. මට මුණගැහෙන ඕනෑම කෙනෙක් මගෙ වැරැද්දක් පෙන්නල දුන්නොත් නිහතමානීව ඒක පිළිගන්නව වගේම මම හැමෝමත් එක්ක කතාබහ කරල ඉන්න කෙනෙක්.


විවාහ ගිවිසගැනීමෙන් පස්සෙ චරිත ලැබෙන්නෙ අඩුවෙන්ද?


සමහර අය අහනව ආලෝකා මැරි කළාද කියල. මම ඔව් කියනව. එතනින් එහාට චරිතවලට විවාහය බලපෑමක් වෙලා නැහැ. ගොඩක් දෙනෙක් හිතන්නෙ කසාදෙන් පස්සෙ රඟපෑම අතහරිනව කියල. නමුත් එහෙම දෙයක් නැහැ. මම රඟපානව. මොකද මේක මගේ වෘත්තිය. මම ඒ දේ කරන්නෙ ගොඩක් ආසාවෙන්. ඒ වගේම මගේ සහකරුවාත් මගේ වෘත්තියට ගොඩක් කැමති කෙනෙක්. විවාහයෙන් පස්සෙ රංගනයට සමුදෙන්න මගේ අදහසක් නෑ.


සැමියාගෙන් තහංචි නැද්ද?


අනේ නැහැ. එයා කියන්නෙ, ඔයාට හම්බවෙන චරිතය මොකක්ද, එක හරියට කරන්න කියල. එයත් ක්‍ෂේත්‍රයේ කෙනෙක් නිසා අපි දෙන්නට හරි පහසුයි ගනුදෙනු කරන්න.


ඔබට ලැබෙන නිර්මාණයක පිටපත ඔහු අතට දෙනවද?


ඔව් සමහර වෙලාවට ෂුටින් වලදි මම කරන්න යන සීන් එක පවා ඔහුට ෆොටෝ එකක් ගහල යවනව මම දැන් කරන්න හදන්නෙ මේ දේ කියල. ඒ වගේම ලැබෙන පිටපත අපි දෙන්නම එකතුවෙලා කියවන අවස්ථා තියෙනව. ඒ වෙලාවට ඔහුගේ අදහස් මටත් කියනව.


ඩියෝන්ගේ වැඩවලට ඔබේ සහය මොනවගේද?


ඔහු නර්ථන ශිල්පියෙක්. මම ඒ තරම් දුරට නර්ථනය හදාරල නැති වුණත් කොරියෝග්‍රැෆි එකක් කරද්දි සමහර අවස්ථාවල මෙහෙම කළොත් හොඳයි නේද කියල මගේ අදහසුත් ඉදිරිපත් කරනව. දෙන්නට දෙන්න සහයෝගයෙන් තමයි මේ ගමන යන්නෙ.


නර්ථනයෙන් සම්බන්ධ වෙන්න අදහසක් නැද්ද?

 

ඔව් නර්ථනයෙන් සම්බන්ධ වෙන්න අදහසක් තියෙනව. නමුත් මේ කාලය ඇතුළත ඔහු වගේම මමත් කාර්යබහුල වෙලා හිටපු නිසා ඒ අදහස ටිකක් මගහැරුණ. කොහොම වුණත් ඉක්මණින්ම නර්ථනයකිනුත් දැකගන්න ලැබේවි.


ආලෝකාටත් කැපිලි කෙටිලි තිබුණද?


අම්මෝ ඔව්. කැපිලි කෙටිලි කියන්නෙ ඕනෑම ක්‍ෂේත්‍රයක තියෙන දෙයක්නෙ. මටත් ඒ දේ ඒ විදිහටම තිබුණ.


මේ දේවල්වල් නිසා කලකිරුණ අවස්ථා?

 

මම හිතන විදිහට කෙනෙකුට විරුද්ධව කැපිලි කෙටිලි කරන්නෙ ඔහු දක්‍ෂයෙක් නිසා. නමුත් මේ දේවල් වලින් කෙනකුගේ තැන තව කෙනෙකුට ගන්න බැහැ. ඒ නිසා කැපිලි කෙටිලි ආපු තැන්වලදි මම සැලුණේ නැහැ.


මේ දිනවල වැඩකටයුතු?


 දැනට සති කිහිපයකට කලින් ‘සංගිලි කනදරාව’ ටෙලි නාට්‍යයේ රූගතකිරීම්වලට එකතු වුණා. ඉන් පස්සෙත් ගොඩක් වැඩවලට ආරාධනා ලැබුණා” නමුත් ඉන්ධන නැති නිසා සහභාගී වෙන්න බැරි වුණා.


ඒ ගැන පසුතැවෙනවද?

 

මෙහෙමයි දෙයක් අහිමි වෙන්න තියෙනව නම් ඒ දේ ඉන්ධන නිසා නොවෙයි මොනයම් හෝ හේතුවක් නිසා ඒක අහිමි වෙනව. ඒ වෙනුවෙන් පසුතැවෙන්නෙ නැහැ. ලැබෙන්න තියෙන දේ ලැබේවි.


රසිකයකුගෙන් ලැබුණ ප්‍රතිචාරය?

 

සිරස ටීවී නාළිකාවේ විකාශය වන ‘නීළ පබළු. ටෙලි නාට්‍යයේ මට ලැබිල තියෙන්නෙ ටිකක් නපුරු චරිතයක්. එක දවසක් මම බීච් එකට ගිය වෙලාවක රසිකයෙක් මගෙන් අහනව” ඔයා නේද අර රෂ්මිට රඟපාන්නෙ” මහ නපුරුයි නේද කියල. ඉන් පස්සෙ ටික වෙලාවක් එයාලත් එක්ක කතාකරද්දි කියනව” අනේ මම හිතුව තරමි ඔයා නපුරු නැහැ කියල.


 ‘සංගිලි කනදරාව. නාට්‍යයේ චරිතයත් ඒ වගේ එකක්. අම්මා එක්ක වුණත් කටගහගෙන යනව. මේක දැකල මගේ මහත්තයගෙ අම්ම පවා අහල තියෙනව අනේ එයා හරි නපුරුයි නේද කියල. කතාබහ කරද්දි තමයි එයාලත් දැනගන්නෙ අහිංසක කෙල්ලෙක් කියල.


රිදී තිරයට ලැබුණු ඉඩ?

 

සිනමාවේ නිර්මාණ දෙකකට රංගන දායකත්වය ලබාදෙන්න මට අවස්ථාව ලැබුණා. එකක් සනත් ගුණතිලක මහත්මයාගේ


‘ගැහැනු’ සහ අනෙක් නිර්මාණය සනත් අබේසේකර මහත්මයාගේ


‘ගුත්තිල’ මේ නිර්මාණ දෙක තවම තිරගත වුණේ නැහැ.


මහේෂ් එදිරිසිංහ





Previous Post Next Post