වයසත් එක්ක විලාසිතා කිරිම වෙනස් වෙනවා - අංජුලා රාජපක්ෂ



විලාසිතා කාලෙන් කාලෙට වෙනස් වෙනවා. ඒ විදියට කාලෙන් කාලෙට අලුත් වන විලාසිතා කරන රංගන ශිල්පිනියක් අංජුලා රාජපක්ෂ කියන්නේ. රංගන ක්ෂේත්‍රෙයේ දීර්ඝ කාලයක නිරත වෙලා ඉන්න අංජුලා මේ වනවිටන අවුරුද්දක් වයස පුංචි පුතෙක්ගේ මවක්. තරුණ කාලෙදි විලාසිතාවලට අංක එක දීලා හිටපු ඇය දැන්නම් ඉතාම සරලව තමයි විලාසිතා කරන්නේ. ඒ වගේම ඒ කාලයේ කොටටම ඇඳුම් විලාසිතා කරපු රංගන ශිල්පිනියක් තමයි ඇය. අවුරුද්දයි මාස කීපයක් වෙන පුංචි පුතුගේ අම්මා වන අංජුලා දැන්නම් ඒ හේතුවලට ගැලපෙන විදියට තමයි විලාසිතා කරන්නේ.

කොණ්ඩා විලාසිතාත් කාලෙන් කාලෙට වෙනස් කරන අංජුලා කිසිම විටෙක විලාසිතා කරන්න වෙන කෙනෙක්ව ආදර්ශයට ගන්නේ නැහැ. ඇය හැම වෙලේම තමන්ගේ ඇගට ගැලපෙන විදියට තමයි තෝරගන්නේ. ඒ වගේම වයසත් එක්ක විලාසිතා කිරිම වෙනස් වෙනවා කියලා තමයි අංජුලා පවසන්නේ. උත්සව අවස්ථාවකට ඉන්දියානු සම්ප්‍රදාය වගේම බටහිර පන්නයේ විලාසිතා තමයි ඇය අනුගමනය කරන්නේ.කාලෙන් කාලෙට අලුත් විලාසිතා මවන ජනප්‍රිය රංගන ශිල්පිනී අංජුලා රාජපක්ෂගේ ආදරණිය පුතාටත් ඇයගේ ඉදිරි වැඩ කටයුතුවලටත් අපි හදවතින්ම සුබ ප්‍රාර්ථනා එක් කරනවා.





Previous Post Next Post