ඇමි ජැක්සන් සිය අලුත් පෙම්වතාගේ 35වන උපන්දිනය සමරලා



එක් දරු මවක් වන ඉන්දීය සිනමා නිළි ඇමි ජැක්සන් මේ වනවිට අලුත් පෙම්වතෙකු සමගින් කාලය ගෙවන බව සඳහන් වෙයි. ප්‍රංශ ජාතිකයෙකු වන එඩ්වින් ඇයගේ අලුත්ම පෙම්වතා වන අතර, ඔහුගේ 35 වැනි උපන්දිනය මිට දින කිහිපයකට පෙර යෙදි තිබුණි. ඇමි ඔහු වෙනුවෙන් පුදුම කිරිමේ උපන්දින සාදයක් සංවිධානය කර තිබුණ අතර, ඊට එඩ්වින්ගේ මව ඇතුළු පවුලේ සාමාජිකයන් රැසක්ද එකතු වී සිටි බව සඳහන් වෙයි. 


මෙම පුදුම කිරිමේ උපන්දින සාදයේදී ගත් ඡයාරූප කිහිපයක් සිය සමාජ පිටු අතරට එක් කරමින් එඩ්වික් කෙටි සටහනක් එකතු කර තිබුණේ "පවුලේ අය සමග ගත කළ හොඳම උපන්දින සාදය මෙයයි. ඔබට ආදරෙයි ඇමි." යනුවෙනි.




Previous Post Next Post