පියවරෙන්, පියවර ඉදිරියට යන නව පරපුරේ දක්‍ෂ රංගන ශිල්පිනියක් අපට හමුවුණා. මේ වන විටත් ටෙලිනාට්‍ය රැසක චරිත නිරූපණය කර තිබෙන හර්ෂි මදුගේ (Harshi Madu) දක්‍ෂතාවයන් ඉදිරියේදී විවිධ නිර්මාණ හරහා අපට දැකගන්නට පුළුවන්. ඉතින් ඒ ගැන හර්ෂි මේ විදියට පුවත්පතක් සමඟින් පවසා තිබුනා..
ඉතින් කොහොමද හර්ෂි..?
සතුටින් ඉන්නවා… සුපුරුදු පරිදි කලාකටයුතු කරගෙන යනවා.
මේ දවස්වල හර්ෂි සම්බන්ධ වෙලා සිටින කලා කටයුතු මොනවද..?
මේ දවස්වල ඉන්දික ධර්මතිලකගේ ‘යාදින්නි’ ටෙලිනාට්‍යයේ රූගත කිරීම සඳහා නුවර ඇවිල්ලා ඉන්නේ. ‘අපි’ චිත්‍රපටයෙත් ප්‍රධාන චරිතය රඟපානවා. ඉදිරියේදී ඒ නිර්මාණ දැකබලා ගන්නට පුළුවන්. එයට අමතරව නිරූපණ වැඩකටයුතු කරගෙන යනවා.
‘දෙවනි ඉනිම’ ටෙලිනාට්‍යයේ දිගටම රඟපාන්න අවස්ථාව ලැබුණේ නෑ නේද..?
මුල්ම කොටස් සඳහා ‘දෙවන ඉනිම’ට සම්බන්ධ වෙලා හිටියා. ඊට පස්සේ ‘සන්තැසියේ ලන්තෑරුම’ ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතයට සම්බන්ධ වුණා.
‘යාදිනි’ ටෙලිනාට්‍යයේ ඔබ නිරූපණය කරන චරිතය ගැන කතා කළොත්..?
‘යාදිනි’ ටෙලිනාට්‍යයේ මම නිරූපණය කරන්නේ ‘නන්දනී’ චරිතය. ඒ චරිතය වලව්කාර චරිතයක්. මාදනි මල්වත්තගේ තරුණ කාලේ චරිතය තමයි මට රඟපාන්න අවස්ථාව ලැබුණේ. ‘නන්දනී’ ගැන අපි ‘යාදිනි’ ටෙලිනාට්‍ය විකාශය වෙන කොට වැඩි විස්තර කතා කරමු.
සුළු චරිත නිරූපණය කරමින් ඉඳලා ප්‍රධාන චරිත කරද්දි දැනුණු වෙනස කොයි වගේද..?
සුළු චරිතයක් හරි රඟපාලා හරි ඒ ලබන අත්දැකීම තමයි වටින්නේ. ප්‍රධාන චරිතයක් ලැබෙනකම් හිටියොත් එකපාරටම ඒ අත්දැකීම පහසුවෙන් විඳින්න අපහසුයි. ඉතින් පසුකාලීනව හරි මට ප්‍රධාන චරිත රඟපෑමට අවස්ථාව ලැබීම ගැන මම සතුටු වෙනවා. මගේ දක්‍ෂතාවයන් දැකපු නිසානේ මට නිර්මාණවල ප්‍රධාන චරිත ලැබුණේ. ඉතින් මම මුල්කාලයේ ලබපු අත්දැකීම් එකතුකර ගැනීම් ප්‍රධාන චරිතයට සාර්ථක නිරූපණය කිරීමට උත්සාහ කළා.
ගෙදරින් කැමැති වුණාද හර්ෂි, රඟපානවට..?
මට කලින් මගේ මවුපියන් තමයි මාව කලාවට සම්බන්ධ කිරීමට මුල්ම අඩිතාලම ගත්තේ. ඔවුන්ගේ මගපෙන්වීම, ආශිර්වාදයත් එක්ක මට මේ ගමන යන්න ගොඩාක් පහසු වුණා කියලා මම මුලින්ම කියන්න කැමැතියි. අදටත් මට ලොකු සහායක් මගේ පවුලේ සියලුමදෙනාගෙන් ලැබෙනවා.
දැන් අනාගත සැලැසුම් එහෙම ඇති..?
සැලැසුම් නම් ගොඩාක් තියෙනවා. ඒත් ලොකුම බලාපොරොත්තුව හෙමීට ආපු මේ ගමන ඉදිරියට යන්න තමයි.
-වසන්ත විතාරණගේ