කලා ක්ෂේත්රයේ දක්ෂ තරු අතර ඔබ ආදරය කරන දක්ෂ රංගන ශිල්පිනියක් වගේන්ම ගායන ශිල්පිනියක් වන මුතු තරංගා මවක් වෙන්න බොහෝ කාලයක සිට මවපු හීනය ඔන්න සැබෑ වෙලා තියෙනවා. වසර ගණනාවක් පෙරුම් පුරලා උතුම් මව් පදවියට බලාපොරොත්තු ගොන්නක් එක්ක දින ගනින ඇයගේ පුංචි කැදැල්ෙල් අලුත් විස්තර ගැන ෙමලස පවසා තිබුනා.
බොහොම සැහැල්ලුවෙන් ගෙවපු මුතුගේ ජීවිතේ දැන් ගොඩක් දේවල් වෙනස් වෙලා නේද?
ඇත්තටම ඔව්. ගොඩක් දේවල් වෙනස් වුණේ පැටියා කුසට ආපු දවසේ ඉඳලා මයි. අපි දෙන්නම කලා කටයුතුවලම නියැලිලා හිටියා මිසක් දරුවෙක් ගැන ලොකුවට සිතුවේ නැහැ. අන්තිමට දන්නෙම නැතුව ලොකු කාලයක් ගෙවිලා ගියා. දැන් ඉතින් වගකීම් දරන්න කාලේ හරි කියලා අපි දෙන්නම හිතුවා. කොහොමත් මගේ ජීවිතේ අහවල් බලාපොරොත්තු හීන කියන දේවල් තිබුණ කෙනෙක් නෙමෙයි සහ ඒවා පිටිපස්සේ දුවපු කෙනකුත් නෙමෙයි. මම හැමදාම හිතුවේ ඒ වෙලාව ඒ මොහොත ගැන විතරයි. මමයි අයියයි ජීවිතේ හොඳට වින්දා, ඇවිල්ලා පස්සේ අපි දෙන්නම තීරණය කළා දැන්නම් පැටියෙක් ගැන හිතන්න ඕන කියලා. මම මේ තාක් මගේ ජීවිතේ ලෑන් කරලා නොතිබුණාට මවක් වෙන්න මම ගොඩක් ප්ලෑන් කළා. දරුවෙක් ගැන බලාපොරොත්තුවෙන් හිටපු නිසා මුලින්ම කළේ කලාකටයුතු වලින් ඈත්වීම. මුලින්ම අම්මා කෙනෙක් වෙන්න යනවා කියලා දැනගත්ත දවසේ ඒ දරුවා ගැන මට ගොඩක් බලාපොරොත්තු ඇති වුණා. ඒ දැනුණු දේවල් මට වචනයෙන් කියන්න අමාරුයි. මම හිතන දේවල් පවා දරුවා ලැබෙන්න ඉන්න එකක් සමග වෙනස් වුණා.
බොහොම අමාරු දින ටික ද දැන් ගෙවන්නේ?
ඒ දේවල් විඳින්න මම ඇත්තම ගොඩක් ආසාවෙන් හිටියේ. මුල් මාස කිහිපය නම් සාමාන්‍ය අපහසුතා දැණුනා. පැටියා කුසට ආපු දා ඉඳලා මස්, මාළු නම් මට අරහං වුණා. දොළදුකට කෑවේ කොස්, කන්න ආස කරන ගොඩක් දේවල් හදලා දෙන්නේ මහත්තයා. අමාරුකම් අපහසුකම් දැනුණත් ඒවා මම එච්චර හිතන්නේ නැහැ. තව බොහොම ටික දවසයි තියෙන්නේ දරුවා ලැබෙන්න. සාමාන්‍ය දරු ප්‍රසුතියකට මුහුණ දෙන්න තමයි මගේ එකම අපේක්ෂක්ෂාව. දරුවෙක් ලැබෙන්න ඉන්නකොට විවේකය වගේම ව්‍යයාමත් අවශ්‍යයි. ඒ නිසා ගෙදර වැඩ කටයුතුත් සාමාන්‍ය විදිහට මම කරනවා.
මවක් වෙන්න මේ තරම් කාලයක් ගත්තේ කලා කටයුතු නිසාද?
අපි විවාහ ගිවිසගත්තේ 2008 දී ඊට පස්සේ පුංචියට හරි විවාහ උත්සවයක් ගන්න හිතාගෙන සිටියත් කලා කටයුතු සහ පෞද්ගලික කටයුතු එක්ක කල් ගියා. කාලයක් ගතවුණ නිසා අපි විවාහ උත්සවයක් ගන්න හිතුවේ නැහැ. ඒක නිකං විහිළුවක්වගේ කොහොමත් මම ලොකු උත්සවවලට කැමති කෙනෙක් නෙමෙයි. ලොකුවට වෙඩින් එකක් නොගත්තට අපි විවාහ වෙලා අවුරුදු 14 ක් දරුවෙක් ගැන හිතන්න මෙච්චර කාලයක් යයි කියලා හිතුවේ නැහැ. පෞද්ගලික සහ කලාකටයුතු එක්ක දන්නෙම නැතුව කාලය ගියා. අවුරුද්දක් විතර මම කලා කටයුතු කළේ නැහැ. මොකද පසුගිය වසරේ ඉඳලා අම්මා කෙනෙක් වෙන්න පෙරුම් පුරාගෙනමයි මම හිටියේ. අවුරුදු ගානකට පස්සේ කුසට ආපු පැටියාගේ මූණ බලන්න හරි ආසාවෙන් තමයි අපි දෙන්නම ඉන්නේ.
මුතු වැඩිපුර කැමති දුවෙකුට ද පුතෙකුටද?
අම්මා කෙනෙක් වැඩිපුරම කැමති ඉතින් පුතෙකුටනේ. ඒත් ලැබෙන කෙනා කවුරු වුණත් ආදරයෙන් භාරගන්නවා.
ඒ කියන්නේ දුවෙක්ද? පුතෙක්ද? කියලා දන්නවා එහෙනම්?
දන්නවා හැබැයි ඒක රහසක්
ඉතින් දරුවා නිසා කලා කටයුතු මුතුගෙන් මඟ ඇරිලම යාවි ද?
මම කොහොමත් පසුගිය කාලය පුරාවට ලොකුවට කලා කටයුතුවලට දායක වුණේ නැහැ. රඟපෑමට වඩා මට ගොඩක් ලැබුණේ විදෙස් සංගීත ප්‍රසංග, කොහොමත් මම ලැබෙන හැම නිර්මාණයක්ම භාරගන්නෙත් නැහැ. පුළුවන් නිර්මාණ විතරයි මම කළේ. ඉදිරියට දරුවා නිසා තවත් කලා කටයුතු සීමා වේවි. කොහොම වුණත් මම කලාවෙන් නම් සමුගන්නේ නැහැ. මම වැඩිපුර වැඩ නොකළත් මුතූට ලැබෙන ප්‍රේක්ෂක ආදරය අදටත් ඒ විදිහමයි. සැමියා එක්ක පුළුවන් විදිහට කලාව වෙනුවෙන් කාලය වෙන්කරගන්න උත්සාහ කරනවා. මම කලාවෙන් නම් සමුගන්නේ නැහැ. මම වැඩිපුර වැඩ නොකරත් මුතුට ලැබන ප්‍රේක්ෂක ආදරය අදටත් ඒ විදිහමයි. පැටියා එක්ක පුළුවන් විදිහට කලාව වෙනුවෙන් කාලය වෙන්කරගන්න උත්සාහ කරනවා.
ඔබ මවක් වීමට බොහොම ආසන්න දින ගණන ගෙවන මොහොතේ මුතුට මොකද දැනෙන්නේ?
මට දැන් දැනෙනවා මගේ අම්මා තාත්තා කොයිතරම් මහන්සි වෙන්න ඇතිද, දුක් විඳින්න ඇතිද කියලා අපිව ලොකු මහත් කරන්න. මගේ කුසට දරු පැටියා ඇවිල්ලා දවසින් දවස වැඩේදී ගැහැණියක් සම්පූර්ණ වෙන්න නම් මවක් විය යුතුයි කියලා මට දැනුනා.
සැමියාගෙන් ගෙදර වැඩ කටයුතුවලට මුතුට ලැබෙන සහයෝගය කොහොමද?
මුල් මාස තුනේ සාමාන්‍යයෙන් දැනෙන අපහසුතා මට ආවා. කෑම නම් හදන්න බැරිවුණා. පිලී ජාති හදනකොට එහෙම ගෙදර පලාතෙවත් ඉන්න බැරි වුණා. ආස දේවල් හදලා දුන්නේ ඔකොම මහත්තයා. දැන්නම් ගෙදර වැඩ කටයුතු කරනවා.