මගේ නම් කෑම පාලනයක් ඇත්තෙම නැහැ - පූජනි භාග්‍යා

 



මේ දිනවල පුංචි තිරයේ ජනප්‍රිය තවත් එක් චරිතයක් තමයි පූජානි භාග්‍යා. පූජානි කියන්නේ බොහොම හුරුබුහුටි රුවැත්තියක්. ඉතිං   පූජානි තමන්ගේ රුව රැක ගන්න කරන සත්කාරක මොනවාද කියලා පුවත්පකතට මෙලෙසින් පවසා තිබුනා.

 


අවුවෙන් බේරෙන්න කෝමරිකා ගානවා


මම මේ දවස් වල තිස්සමහාරාමේ රූ ගත කිරීම්වලයි ඉන්නේ. තිස්සමහාරාමය කියන්නෙ ටිකක් උණුසුම් කාලගුණයක් තිබෙන ප්‍රදේශයක්. ටිකක් අවුවත් සැරයි. ඒ නිසා සමට අවුවෙන් වෙන හානියත් වැඩියි. ඒ නිසා මම මේ දවස්වල මගේ සම රැක ගන්න ස්භාවික දේවල් වගේම නිෂ්පාදන පෙළක් භාවිත කරනවා. අවු රශ්මියෙන් සමට වෙන හානියෙන් මිදෙන්න මම භාවිත කරන්නේ කෝමරිකා. කෝමාරිකා කෑල්ලක මදේ හොඳට පොඩි කරලා මූණ අතපයේ ගාලා ටික වෙලාවකින් සෝදා හැරියම සමට පෝෂණයක් වගේම නැවුම් බවක් එකතු කරනවා.


 


මගේම ෆේස් පැක් එක


විවේකයක් ලැබුණු වෙලාවට කස්තුරි කහවලින් මම හදා ගන්න ෆේස්පැක් එකක් තියෙනවා. ඒ වට්ටෝරුව මම අද කියලා දෙන්නම්..කස්තුරි කහ ස්වල්පයකට සුදු හඳුන් ස්වල්පයක් එකතු කර ඒකටම මී පැණි හෝ යෝගට් මිශ්‍ර කරලා ආලේප කළාම හමේ පැහැයට වගේම පෝෂණයටත් බොහොම උපකාරී වෙනවා. ගොඩක් වෙලාවට මේ පැක් එක මිශ්‍ර කරන්නේ යෝගට් සමඟ. යෝගට් දාලා ආලේප කළාම සමේ තෙත ගතිය බොහො වේලාවක් රඳවා ගන්න පුළුවන්.


 


මේකප් ඉවත් කළාම  අයිස් කැට තියන්න


මම නියැළිලා ඉන්න වෘත්තීය එක්ක මට බොහො වේලාවට මේකප් පාවිච්චි කරන්න වෙනවා. ඉතින් ඒ හැම වෙලාවේම මේකප් ඉවත් කළාට පසු මම කරන්නේ අයිස් කැටයක් මුහුණේ තියාගන්න එක. පිරිසුදු ලේන්සුවකට හෝ පිරිසුදු පොලිතින් බෑග් එකකට අයිස් කැට දාලා මුහුණ තවන්නත් පුළුවන්.


 


ඇස් වටා අඳුරට හොඳම අර්තාපල්


ඇස් යට අඳුරු වෙන ප්‍රශ්නය මට ගොඩක් දුරට නැහැ. නමුත් ඇස් වටා අඳුරු වෙනවා නම් අයිස් කැටවලින් තැවීමත් හොඳ පිළියමක්. නින්ද අඩුවුණාම, ඇස් බොහොමයක් වෙහෙසුණාම ඇස් වටා අඳුරු වෙනවා. එවැනි අයට අල හෝ පිපිඤ්ඤා පෙති ඇස් වටා තියා ගත්තාම ඇස් වටා අඳුරු පැහැය ඉක්මනින් නැති කර ගන්න පුළුවන්.


 


හිසට පෝෂණය අඩුයි


ඉස්සර තිබුණු තරම් හොඳ පෝෂ්‍යදායි කෙස් කලඹක් දැන් මට නැහැ. හිසට සත්කාර කරන්න ලැබෙන වෙලාව අඩු සහ කොණ්ඩෙට විවිධ කෘත්‍රිම දේවල් භාවිත කරන්න වෙන නිසා තමයි නිසි පෝෂණයක් නොලැබෙන්නේ. නමුත් වෙලාවක් ලැබුණු ගමන් තැඹිලි තෙල් සහ සුදු පොල්තෙල්වලින් මම හිස් කබල හොඳින් සම්බාහනය කරනවා. පැය කිහිපයක් එහෙමම ගත කරලා හොඳට සෝදනවා.



 

කෑම  පාලනයකුත් නැහැ මහත් වෙන්නෙත් නැහැ


මගේ නම් කෑම පාලනයක් ඇත්තෙම නැහැ. පැස්ටා, පීසා වගේ කෑම තමයි වැඩිපුර කැවෙන්නේ. ඒ වුණාට මම අසාමාන්‍ය විදිහට මහත් වෙන්නෙත් නැහැ. හැබැයි සමහර කෑම ජාති නම් මම කන්නේ නැහැ. ගෙදර ඉන්න වෙලාවට අම්මා හදන ගුණ කෑම කන්න පුළුවන්.


 


වතුර නොබිව්වත් පලතුරු බීම ඕනෙමයි


මට වතුර පෙවෙනවා අඩුයි. ඒක නම් ලොකු වැරැද්දක්. ඒ නිසා මම දැන් පුරුද්දක් විදියට ලොකු වතුර බෝතලයක් ෂූටින් යනකොට අරගෙන යනවා. සමහර දවස්වලට පෙවුණත් සමහර දවස්වලට ඉතුරුයි. මම හරිම කැමති දොඩම්, මිදි, අන්නාසි වගේ පලතුරුවලට වතුර නොබිව්වත් පලතුරු බීම හදා‍ගෙන හරි බොන්න හරිම උනන්දුයි. ජූස් හදනකොට ලෙමන්, නාරං වගේ ඇඟට බර අඩු දේවල් තමයි බොන්‌ෙන්. ඔය අතරේ ඉඳ හිට කොළකැඳත් බොනවා.







Previous Post Next Post