සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගේ අනුමැතිය යටතේ විදෙස් සංචාරකයින් මෙරටට ගෙන්වීමට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් මේ වන විට නිකුත් කොට තිබේ. එම මාර්ගෝපදේශ අනුව මෙරටට පැමිණෙන සියලුම සංචාරකයින් තමන්ගේ ගුවන් යානයට ගොඩ විමට පැය 96 කට පෙර PCR පරීක්ෂණයක් සිදුකළ යුතුය. එමෙන්ම කොවිඩ් ආසාදිතයෙකු නොවන බවට තහවුරු කිරීමද අනිවාර්ය කොට ඇත.
අනතුරුව මෙරටට පැමිණීමෙන් පසු ගුවන් තොටුපොළේ දී යලිත් වරක් PCR පරීක්ෂණයකට භාජනය විය යුතු අතර දින 14 ක කාලයක් ස්වයං නිරෝධායනයේ යෙදිය යුතුය. එම පරික්ෂාවෙන් තමන් කොවිඩ් ආසාදිතයෙක් නොවන බවට තහවුරු වීමෙන් පසු ඔවුන්ට ආරක්ෂිත බුබුලක් ලෙස වෙනත් හෝටල් කරා යෑමට අවසරය හිමිවේ. මෙම දින 14 කාල සිමාව තුලදී සංචාරකයින්ට හෝටල් පරිශ්‍රයන් තුලින් පිටතට යාමට අවසරය හිමි නොවේ.
කෙසේවෙතත් කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය, සංචාරක මණ්ඩලය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අවසර ලබාදී ඇති සංචාරක කලාප 14 තුල පමණක් ආරක්ෂිත බුබුලක් ලෙස මෙම විදේශිකයින්ට සංචාරය කිරීමට අවසරය හිමි වේ.
මීට අමතරව සංචාරකයන් සඳහා වෙන් කර ඇති හෝටල් පරිශ්‍රයන්ද නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූල විය යුතුය. එමෙන්ම සංචාරක මගී කණ්ඩායම් වෙනත් සංචාරක මගී කණ්ඩායම් සමඟ එකතු වීමට ඇති ඉඩ ප්‍රස්ථාව වළක්වා ගතයුතු බවද මෙහි දැක්වේ.