වෙලාවකට නපුරු වගේම තවත් වෙලාවකදී ඉතාමත් සංවේදී චරිතයක් තමයි රේෂ්මා. නීල පබළු ටෙලි සිත්තමේ ඉන්න ඒ රේෂ්මට පණපොවන රුක්ෂාණා එහෙම කෙනෙක් නෙමෙයි. හැම වෙලාවෙම එක වගේ සංවේදී චරිතයක්. මේ දවස්වල ඇගේ අලුත් තොරතුරු පිළිබඳව ඇය පුවත්පතකට පවසා තිබුනේ මේ ලෙසයි.
නීල පබළු හරහා රුක්ෂාණා, රේෂ්මාගේ චරිතයටම කොටු වෙලා නේද?
මේ දවස්වල මම රංගනයෙන් දායක වන එකම ටෙලි නාට්‍යය නීල පබළු තමයි. ඒත් මම ඒකට කොටු වෙලා කියල හිතන්නෙ නෑ. මොකද අපි වැඩක් භාර ගත්තම ඒ දේ හරියට කරන්න ඕනනේ. ඒ තුළ නාට්‍යයේ අවසානය දක්වා මගේ චරිතය නිවැරදිව ගෙනියන එක මගේ වගකීමක්. ඒ වගකීම තමයි මම ඉටු කරමින් ඉන්නේ.
වගකීමක් වුණත් එකම චරිතයකට පණදීම නීරස අත්දැකීමක් වෙන්න පුළුවන් නේද?
රේෂ්මා ලෙස මට ලැබිල තියෙන චරිතය තුළ තියෙන යම් යම් වෙනස්වීම් තුළ මට තවම නම් එහෙම දැනිල නෑ.
මොනවද ඒ වෙනස්කම්
වෙලාවකට රේෂ්මා ගොඩක් නපුරුයි. තවත් වෙලාවකට හරිම සංවේදියි. හිටපු ගමන් කිසිම සද්දයක් නැතුව ඉන්න කෙනෙක්. ඒ වෙනස්කම් අතරෙ මගේ චරිතය ඒකාකාරී නැහැ.
ඔය කියන්නෙ වෙනස්වීම් සමග චරිතයක් ලැබෙනවා නම් මෙගා නාට්‍යවලට කැමැතියි කියලද?
මම කොහොමත් ආරාධනාවක් ලැබුණම මෙගා ද සීමිත කොටස් ද ඒකාංගික ද කියන කාරණාවට මුල්තැන දෙන කෙනෙක් නෙමෙයි. ලැබෙන චරිතයට උපරිම සාධාරණය ඉටුකරන එක ගැනයි වැඩියෙන් හිතන්නේ.
පවතින වසංගත තත්ත්වයත් එක්ක ලැබෙන ආරාධනා සීමා වෙලා නේද?
එහෙමමත් කියන්න බෑ. ඉතින් අලූත් නිර්මාණයක් බිහි වෙනකොට ක්ෂේත්රයේ ඉන්න කාට හරි ආරාධනා ලැබෙනවා. ඔය අතරෙ මටත් සරත් ධර්මසිරි මහත්මයගෙ අලූත්ම ටෙලි නාට්‍යය සඳහා ආරාධනා ලැබිල තියෙනවා. එහි වැඩ කටයුතු අද හෙටම ආරම්භ වේවි.
අලූත් චරිතය භාරගන්න මොන වගේ සූදානමක් ද තියෙන්නෙ.
සාමාන්‍යයෙන් ඉතින් මෙගා නොවන නිර්මාණය කට ආරාධනා ලැබුණම එහි පිටපත කියවල බලල ඒ අනුව හැඩගැහෙන එක තමයි මම කරන්නෙ. මේ දවස්වල මම අලූත් ටෙලියෙ පිටපත කියවන ගමන්.
නර්තනයට දක්ෂ රංගන ශිල්පිනියක් වුණත් ඒ අංශයෙන් ඔබ ඉදිරියට නොයන්න විශේෂ හේතුවක් තියෙනවද?
මම සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයෙන් නර්තනය වැඩිදුර හදාරල ප්‍රාසාංගික කලා විශේෂවේදී උපාධිය හිමිකර ගත්තු කෙනෙක්. ගෙදරිනුත් මට බලකරන්නෙ ඒ අංශයෙන් වෘත්තියක් තෝරගන්න කියලා. ඒත් වැඩිපුර කැමැත්ත තියෙන්නෙ රංගනයට නිසා ඒ ගැන වැඩිය හිතන්නෙ නෑ. ඉදිරියේදී මගේ උපාධියට අනුව මට නර්තනය හා සම්බන්ධ පත්වීමක් ලැබෙයි. එහෙම ලැබුණ දවසක රැකියාවයි රංගනයයි දෙකම බැලන්ස් කරගෙන යනවා.
ඔබ ලබපු ඒ දැනුම ඉදිරි පරපුරට දායාද කළොත් නරකද?
ඇත්තටම එහෙම හිතල තමයි රුක්ෂාණා දිසානායක ඩාන්සින් ඇකඩමිය පටන් ගත්තෙ. ඒත් මේ පවතින කොරෝනා වසංගත තත්ත්වය නිසා තාවකාලිකව ඒක නවත්වන්න වුණානෙ. හැබැයි ගෲප් ක්ලාසස්
නවත්වන්න වුණාට මම ගෙදර ඉන්ඩිවිජුවල් ක්ලාසස් කරනවා. මට විවේකය ලැබෙන විදියට උදේ හවස වෙන වෙනම ළමයි දෙන්නෙක් ගෙන්නලා පන්ති පවත්වනවා.
රංගනය නර්තනය කියන අංශ දෙකට වඩා රුක්ෂාණා වැඩියෙන් අපට දකින්න ලැබෙන්නෙ නිරූපණ ක්ෂ්‍රේත්‍රය හරහා නේද?
ඉස්සර ඉඳලම මම ෆොටෝ ෂූට් කරන්න ගොඩක් කැමැතියි. ඒ අතරත් බ්‍රයිඩල් ෂූට්වලට විශේෂ කැමැත්තක් තියෙනවා.
ඒ නිසාද නිතරම උඩරට මනාලියක් විදියට සැරසෙන්නෙ?
අන්න එතනයි ප්‍රශ්නෙ. මම වැඩිපුරම කැමැති පහතරට මනාලියක් විදියට සැරසෙන්න. ඒත් හැඩගැන්වීමේ ශිල්පීන්ගෙන් මට ආරාධනා ලැබෙන්නෙම උඩරට මනාලියක් ලෙස සැරසෙන්න.
ඒ කියන්නේ සැබෑ ජීවිතේ මනාලියක් වෙන දවසට රුක්ෂාණා පහතරට මනාලියක් වේවි ද?
නෑ.... නෑ..... එදාට මම උඩරට විදියටවත් පහතරට විදියටවත් අඳින්න කැමැති නෑ. ගවුමකින් සැරසෙන්න තමයි වැඩියෙන්ම කැමැති. ඒත් මම විවාහ වෙන කෙනාගෙ කැමැත්තට ඉඩ දෙන්න වෙයිද දන්නෙ නෑ.
ඒ කියන්නේ ගවුමකින් සැරසිලා මනාලියක් වෙන දවස බොහොම ළඟයි වගේ ?
ඒ දවස ළං කරන්න මගේ අම්මයි තාත්තයි ගොඩක් උත්සාහ කරනවා වගේම බලකරනවා. ඒත් මම හිතන්නෙ තව ටිකක් ස්ථාවර වෙලාම විවාහ වුණොත් හොඳයි කියලා. මොකද එහෙම වුණොත් සැනසීමෙන් ජීවත් වෙන්න පුළුවන්.
විලාසිතා හොය හොය යන කෙනෙක් හැටියට රුක්ෂාණා ක්ෂේත්රය තුළ ප්‍රසිද්ධයි නේද?
විලාසිතාවලට මම ගොඩක් ආසයි. ගොඩක් වෙලාවට මම හම්බ කරන ඒවගෙන් වැඩියෙන්. වියදම් කරන්නෙත් ඒ සඳහා ගෙදරින් පුංචි පුංචි තහංචි තියෙන වෙලාවල් තියෙනවා ඒවට.
ඒ කියන්නෙ කොටට අඳින එක ගෙදරින් තහනම් ද?
ඔව්, එහෙම දෙයක් තියෙනවා. හැබැයි මම කොටට අඳින්නම ඕන කියලා කියන්නෙ නෑ. විලාසිතාව අනුව දිගට ඇන්දම ලස්සන අවස්ථාත් ඕන තරම් තියෙනවනේ.