වුහාන් සිට දියතලාවට යැවූවන් නිරෝධායනයෙන් පසුව විසිරයාම

කොරෝනා වෛරසය (Covid-19) පැතිර ගිය චීනයේ වුහාන් නගරයේ සිට ලාංකාවට ගෙන්වා ගත් සිසුන් ඇතුළු 33 දෙනා දෙමාපියන් භාරකරුවන් වෙත භාරදීම හා විසිරයාම වෙනුවෙන් හමුවක් ඊයේ (14) පස්වරුවේ යුද හමුදාපති සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අකුරේගොඩ යුද හමුදා මූලස්ථානයේ දී පැවැත්විණි.
සති දෙකකට පෙර වූහාන් සිට විශේෂ ගුවන් යානයකින් මත්තල ගුවන්තොටුපළට පැමිණි සිසුහු විශේෂ බස් රථයකින් දියතලාව යුධ හමුදා කඳවුරේ නිරෝධායන මධ්‍යස්ථානය වෙත ගෙන යනු ලැබූහ. දින 14ක නිරෝධායන කාලය අවසන නිරෝගී බව තහවුරු වීමෙන් අනතුරුව ඔවුහු දියතලාව යුද හමුදා කඳවුරෙන් පිටත් වූහ.


Previous Post Next Post