දරුවා හරි විදියට බලානොගත්තැයි නැඟණියට පහරදුන් අයියා


    සිය දරුවා නිවැරැදි ආකාරයට බලා නොගැනීම හේතුවෙන් තමාගේ නැඟණියට පහර දුන් බව කියන පුද්ගලයකු ඉමදුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව 17 දින දක්වා බන්ධනාගාර ගත කරන ලෙස ගාල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා ඊයේ (03දා) නියම කළේය.


මෙසේ බන්ධනාගාර ගත කරන ලද්දේ ඉමදුව, පරගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 22ක පුද්ගලයෙකි. මේ පුද්ගලයා පෞද්ගලික ව්‍යාපාරයක් සිදුකරන අතර එම අවස්ථාවන්වලදී සිය දරුවා බලා ගැනීම සඳහා දැනට 05 වසරේ ඉගෙනුම ලබන සිය නැගණියට පවරා ඇත. මේ හේතුවන් නැඟණියගේ පාසල් යෑමද අඩාල වී ඇත. පසුගිය ළමා දිනය යෙදුණුදින පාසල් පැමිණි අදාළ නැගණියගන් පාසල් ගුරුවරුන් පාසල් නොපැමිණන හේතු විමසා ඇති අතර එහිදී ඇය පවසා ඇත්තේ තම මව නොමැති අවස්ථාවලදී තම සහෝදරයාගේ දරුවා බලාගැනීමට තමාට පවරන බවත් එවන් අවස්ථාවලදී පාසල් පැමිණීමට නොහැකි බවය. පසුව ඇයගේ සිරුරේ ඇති තුවාල සම්බන්ධයෙන් ද පාසල් ගුරුතුමිය විමසා ඇති අතර එහිදී ඇය පවසා ඇත්තේ සිය සහෝදරයාගේ දියණිය බලාගැනීමේ දී සිදුවන යම් යම් අඩුපාඩු සම්බන්ධයෙන් තම සහෝදරයා තමන්ට පහර දෙන බවයි.

ඒ අනුව මේ සම්බන්ධයෙන් ඉමදුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ළමා හිමිකම් නිලධාරීන් දැනුවත් කිරීමෙන් පසුව ඉමදුව පොලිසිය සමඟින් මේ සම්බන්ධයෙන් අදාළ නිවසෙට ගොස් පරීක්ෂණයක් සිදුකර ඇත.

පසුව මෙම සිසුවියන්ගේ සහෝදරයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සිය වැඩිදුර ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇත.ඉමදුව පොලීස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක එච්.වී.කේ. උපුල් කුමාර, පො.සැ. ජයලත් (43590) , කා.පො.සැ. දිනූෂා (8717) යන අය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ පවත්වති.


ඉමදුව - ටී. විතානවසම්
Previous Post Next Post