මහජනයා සඳහා කාලගුණ අනාවැකි
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව 2019 ජනවාරි මස 23 දින උදෑසන 05.30 ට නිකුත් කරන ලදි.
------------
පවතින වියලි කාලගුණ තත්වයේ සුළු වෙනසක් ඉදිරි දින කිහිපයේදී (ජනවාරි මස 24 දින සිට) විශේෂයෙන්ම නැගෙනහිර පළාතේ බලාපොරොත්තුවේ.
නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවල සහ මාතලේ දිස්ත්‍රීක්කයේ ඇති විය හැකි වැසි ස්වල්පයක් හැරුනු කොට දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.
----------------
ඉදිරි පැය 24 සඳහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය
2019 ජනවාරි මස 23 දින උදෑසන 05.30 ට නිකුත් කරන ලදි.
----------------
හම්බන්තොට සිට පොතුවිල් හරහා මඩකළපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතී.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දිශාවෙන් හමන අතර සුළගේ වේගය පැ.කී.මී. 25-35 පමණ වේ.
------------------
ඉදිරි පැය 36 සදහා කාලගුණ අනාවැකිය
2019 ජනවාරි මස 21 දින සවස 1600 ට නිකුත් කරන ලදි.
------------------
දිවයිනේ බොහෝ ප්‍රදේශවල තරමක ශීත උදෑසන සහ රාත්‍රී කාලයන් අපේක්ෂා කෙරේ.
නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවල ඇතිවිය හැකි වැසි ස්වල්පයක් හැරුනුකොට දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.
Tags:
Trending