කාලගුණ අනාවැකිය - ජනවාරි 15 අඟහරුවාදා

---------------------
ඉදිරි පැය 24 සඳහා දිවයින වටා කාලගුණ තත්ත්වය.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් 2019 ජනවාරි මස 15දින උදෑසන 05.30 ට නිකුත් කරන ලදි.

---------------------
දිවයින හරහා (විශේෂයෙන් වයඹ, නැගෙනහිර, ඌව පළාත්වල සහ හම්බන්තොට සහ මන්නාරම දිස්ත්‍රික්කවල) සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවලසුළගේ වේගය ඉදිරි දින කිහිපයේදී (හෙට රාත්‍රියේ සිට ) තරමක් දුරට වැඩිවන ලකුණු ඇත.

ඌව පළාතේ සහ මඩකලපුව, අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලවිටින් විට වැසි හෝ ගිගුරුම්

සහිත වැසි ඇති වන අතර පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සිහින් වැසි වාර කිහිපයක් ඇතිවේ.

සබරගමුව, මධ්‍යමසහ බස්නාහිර පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලතැනින් තැන සවස 2.00 න්පමණපසුවවැසිහෝගිගුරුම්සහිතවැසිඇති වේ.

ඇතැම් ස්ථානවලට විශේෂයෙන් සබරගමුව, මධ්‍යමසහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත්මි.මී. 50 ට වැඩි තරමක් තද වැසි ඇති විය හැක.

වයඹ සහ නැගෙනහිරපළාත්වලත් හම්බන්තොට සහ මොණරාගලදිස්ත්‍රික්කවලත්විටින් විට හමන පැ.කි.මී. 40 දක්වා තරමක් තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.


------------------
ඉදිරි පැය 24 සඳහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වයකාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් 2019 ජනවාරි මස 15දින උදෑසන 05.30 ට නිකුත් කරන ලදි.
------------------
දිවයිනට බස්නාහිර, වයඹ, නැගෙනහිර සහ ගිනිකොන දෙසින් වන මුහුදුප්‍රදේශවලසුළගේවේගයඉදිරිදිනකිහිපයේදී (හෙටරාත්‍රියේසිට ) තරමක්දුරටවැඩිවනලකුණුඇත.

හම්බන්තොට සිට මඩකළපුව හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු විටින් විටවැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර කොළඹ සිට ගාල්ල හරහාහම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රිකාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. ඉහත සඳහන් මුහුදු ප්‍රදේශවල ඇතැම් ස්ථාන වලට තද වැසි ද ඇතිවිය හැක.

දිවයින වටා වනමුහුදු ප්‍රදේශවල සුළංඊසානදිශාවෙන් හමන අතර සුළගේ වේගය පැ.කී.මී. 30-40 පමණ වේ.

මන්නාරම සිට පුත්තලම සහ කොළඹ හරහා බලපිටිය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සහහම්බන්තොට සිට මඩකළපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50 පමණ දක්වා වැඩි විය හැකි අතර එම මුහුදු ප්‍රදේශවිටින් විට තරමක් රළු විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු විය හැක.


ධීවර සහ නාවුක ප්‍රජාව මේ පිලිබදව අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.


-------------------
ඉදිරි පැය 36 සදහා කාලගුණ අනාවැකියකාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් 2019 ජනවාරි මස 14 දින සවස 1600 ට නිකුත් කරන ලදි.
-------------------
දිවයින හරහා (විශේෂයෙන් වයඹ, නැගෙනහිර, ඌව පළාත්වල සහ හම්බන්තොට සහ මන්නාරම දිස්ත්‍රික්කවල) සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ඉදිරි දින කිහිපයේදී (හෙට රාත්‍රියේ සිට ) තරමක් දුරට වැඩිවන ලකුණු ඇත.

නැගෙනහිර, ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර උතුරු-මැදපළාතේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සිහින් වැසි වාර කිහිපයක් ඇතිවේ.

සබරගමුව, මධ්‍යමසහ බස්නාහිර පළාත්වල සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ තැනින් තැන සවස 2.00 න්පමණපසුවවැසිහෝගිගුරුම්සහිතවැසිඇති වේ.

ඇතැම් ස්ථානවලට විශේෂයෙන් සබරගමුව, මධ්‍යමසහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර  සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත්මි.මී. 75 ට වැඩි තරමක් තද වැසි ඇති විය හැක.

වයඹ සහ නැගෙනහිරපළාත්වලත් හම්බන්තොට සහ මොණරාගලදිස්ත්‍රික්කවලත්විටින් විට හමන පැ.කි.මී. 40 දක්වා තරමක් තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.



Previous Post Next Post