ලෝකය පුරා යූ ටියුබ් ඇණ හිටී


දැනට අන්තර්ජාලයේ දැවැන්තම වීඩියෝ සමාජ ජාලාවක් ලෙස පවත්වා යන ගූගල් සමාගමට අයත් යූටියුබ් අද (17) තාක්ෂණික ගැටලුවකට ලක්ව පවතින බව වාර්තාවේ. ඒ අනුව ලෝකය පුරාම යූටියුබ් නරඹන
මිලියන ගණනක් වුණ

පරිශිලකයින්ට එය වෙත පිවිසීමෙන්පසු දෝෂ හඟවන පණිවිඩයක් දිස්වන අතර කිසිදු වීඩියෝවක් ධාවනය කරන්නට බැරිව තිබේ.
මේ පිලිබඳ යූ ටියුබ් සමාගමට අයත් නිල ට්විටර් ගිණුමකින් අදහස් පළව ඇති අතර තමන් මෙම දෝෂ තත්වය ගැන දැනුවත් බවත් ඉක්මනින් යථා තත්වයට ගන්නට පියවර ගන්නා බවත් පමණක් දන්වා ඇත.
දෝෂය කුමක්දැයි වාර්තා කර නැත.
ඒ මෙසේය.
“Thanks for your reports about YouTube, YouTube TV and YouTube Music access issues. We’re working on resolving this and will let you know once fixed. We apologize for any inconvenience this may cause and will keep you updated.” -YouTube's Twitter Account
Previous Post Next Post