අයහපත් කාලගුණය නිසා පාසල් ගැන තීරණය ගැනීමේ බලය පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට


පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ගංවතුර සහ නායයෑමේ තත්ත්වයන්ට මුහුණ දී ඇති
ප්‍රදේශවල පිහිටි පාසල් පැවැත්වීම හෝ

නොපැවැත්වීම පිළිබඳ තීරණය කිරීමේ බලය පළාත් හා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට ලබාදීමට අධ්‍යපනය අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් උපදෙස් ලබාදී ඇත.

ඒ අනුව අදාළ පාසලේ විදුහල්පතිවරුන්ට ආපදා තත්වය හේතුවෙන් තම පාසල පවත්වාගෙන යෑමට නොහැකි තත්වයක් මතු වුවහොත් ඒ පිළිබඳව පළාත් හෝ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් දැනුවත් කොට තීරණයකට එළඹිය හැකි බව අමාතශය පවසයි. පවතින තත්ත්වය හේතුවෙන් දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඉක්මනින් සුදුසු ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාව මත මේ තීරණයට එළඹ ඇත.
Previous Post Next Post