ජනාධිපතිවරයාගේ සහ හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ ඝාතන කුමන්ත‍්‍රණ චෝදනා එල්වූ නියෝජ්‍ය
පොලිස්පති නාලක ද සිල්වාගේ වැඩතහනම් කිරීමට රාජ්‍ය පරිපාලන හා නීතිය සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා අද (17) ජාතික පොලිස් කොමිසමට නිර්දේශ කළේය.
නාලක ද සිල්වා මහතාට ඝාතන චෝදනා එල්ල වු මොහොතේම ඔහු අනිවාර්ය නිවාඩු යැවීමට අමාත්‍යවරයා මීට පෙර ජාතික පොලිස් කොමිසම වෙත නිර්දේශ කර තිබුණ නමුත් පොලිස්පති පූජිත් ඔහු වෙනත් අංශයකට මාරු කර යැවීම පමණක් කර තිබුණි.
Tags:
Trending