ටෙලි නළු සමරක්කොඩි රිය අනතුරකින් රෝහලේ

හයිලෙවල් මාර්ගයේ හෝමාගම පිටිපන ප්‍රදේශයේදී එකම දිශාවට ගමන් ගත් පෞද්ගලික බස් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් ඊයේ (01) දහවල් සිදු වූ අනතුරකින් බරපතළ තුවාල ලැබූ
යතුරුපැදියෙහි ගමන් ගත් වේදිකා හා ටෙලිනාට්‍ය

රංගන ශිල්පියතු වන එස්.අයි. සමරකාඩි (36) මහතා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි හෝමාගම පොලිසිය පවසයි.

කොළඹ සිට ලිඳුල බලා ධාවනය වෙමින් තිබු බස් රථය, මහරගම සිට පාදුක්ක හඳපාන්ගොඩ දක්වා යතුරුපැදියෙන් ගමන් කරමින් සිටි සමරක්කොඩි මහතා පැදවූ යතුරුපැදියෙහි ගැටී ඇතැයි ද මූලික විමර්ශනයේදී අනාවරණය වූ බව පොලිසිය කියයි.
අසල්වාසීන් හා බස් රථයෙහි සිටි මගීන් එක්ව බරපතළ තුවාල ලබා සිටි නළුවා ත්‍රිරෝද රථයක නංවා හෝමාගම මූලික කර රෝහලට ඇතුළත් කර ඇත.

පසුව වැඩිදුර ප්‍රතිකාර කටයුතු සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව ද පොලිසිය පවසයි. අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියැදුරු හෝමාගම පොලිසිය සැකපිට අත්අඩංගුවට ගත් බව ද පොලිසිය කියයි.
අනතුර සම්බන්ධයෙන් හෝමාගම පොලිස් නිලධාරිහු පරික්ෂණ සිදුකරති.
( බුද්ධික කුමාරසිරී)

Previous Post Next Post