පාතාල සාමාජික යකඩ මංජුගේ නිවසේ අනුන්ගේ හැඳුනුම්පත් තොගයක්


පාතාල සාමාජික යකඩ මංජු නමැත්තා පෑලියගොඩ - මීගමුව පාරේ නිවෙසේ සිටියදී  9 දා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සෝදිසියකදී එහි සඟවා තිබූ අන්සතු ජාතික හැඳුනුම්පත් තොගයක් ඇතුළු තවත් දේපළ 
රැසක් සොයා ගැනීමට හැකි වූ බව

පොලිස්  විශේෂ කාර්ය බළකා මූලස්ථාන කඳවුරේ නිලධාරීහු පවසති.  එහි සඟවා තිබූ අන්සතු ජාතික හැඳුනුම්පත් 37ක් අන්සතු ගුවන් ගමන් බලපත් පහක්, නයින් එම්.එම්. ජීව උණ්ඩ පහක්, අන්සතු රියැදුරු බලපත්‍ර දෙකක්, කඩු දෙකක් හා උල් පිහියක් පොලිසිය මඟින් සොයාගෙන ඇත.

ගිනි අවියක් නිවෙසේ සඟවා තිබෙන බවට  පොලිස් විශේෂ කාර්ය බළකා මූලස්ථාන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරු අනුව නිවෙස වටලා සැකකරු අත්අඩංගුවට ගෙන  කරන ලද ප්‍රශ්න කිරීමේදී ගරාජයේ සඟවා තිබූ අන්සතු ජාතික හැඳුනුම්වත් ඇතුළු අනෙකුත් භාණ්ඩ සොයා ගැනීමට හැකිවූ බව පොලිසිය කියයි. ඉකුත් කාලයේදී පාතාල සාමාජිකයන් ආරක්‍ෂකයන් ලෙස තබා ගැනීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනයට ලක්වූ දේශපාලනඥයකුන්ගේ ආරක්‍ෂකයකු ලෙස මෙම පාතාල සාමාජිකයා ක්‍රියාකර අති බව ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය. අත්අඩංගුවට ගත් පුද්ගලයන්ගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය වෙත (09)රාත්‍රි භාර දුන් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පැවසීය.

-එම්.සී.පෙරේරා-
Previous Post Next Post